Colombo Today Local News

ග්‍රාම නිලධාරීන්ට සුළු පැමිණිලි විසඳීමේ පොලිස් බලය ලබාදීමට අවධානය

මෙතෙක් පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා විසඳූ සුළු පැමිණිලි විසඳීමේ පොලිස් බලය ග්‍රාම නිලධාරීන් වෙත ලබාදීම සම්බන්ධව රජයේ විශේෂ අවධානය යොමු වී තිබේ.

ඒ අනුව පළමුවෙන් කෙරෙනුයේ ග්‍රාම නිලධාරීන් සාම නිලධාරීන් ලෙස සවිබල ගැන්වීමය.

මෙතෙක් පොලිසිය සතුව තිබූ පොලිස් බලතල ක්‍රියාවට නැංවීමට ග්‍රාම නිලධාරීන් පොලඹවාලනු ලබන අතර රටපුරා විසිරී සිටින ග්‍රාම නිලධාරීන් 14000ක පිරිස මේ කාර්යයේ යෙදවීමෙන් පොලිස් නිලධාරීන් 14000ක් බඳවා ගැනීමක් බඳු වනු ඇති බව රජය විශ්වාස කරයි.

මෙහි දී පොලිස් බලතල හා සමාන බලතල කොටසක් ග්‍රාම නිලධාරීන්ට ලබා දීමටද අපේක්ෂා කරයි. බිම් මට්ටමේ සිටින ග්‍රාම නිලධාරීන් සවිබල ගැන්වීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව සහයෝගය ලබාදීමට නියමිත බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සදහන් කරයි.

යම් පුද්ගලයකුගේ ජාතික හැඳුනුම්පත අස්ථානගත වූ අවස්ථාවක දී ඒ පිළිබඳව පොලිසියට ගොස් පැමිණිල්ලක් ගොනු කිරීමට ඉදිරියේ දී අවශ්‍ය නොවන අතර, ග්‍රාම නිලධාරිවරයා හමු වේ අදාළ පැමිණිල්ල යොදා ඒ අනුව ඉදිරි කටයුතු කිරීමට නියමිතය.

එමෙන්ම, ගම්මානවල සුළු පැමිණිලි පොලිසියට නොයා ග්‍රාම නිලධාරිවරයා හමුවේ පැමිණිලි කිරීමේ අවස්ථාවද සකස් කෙරේ.

එම නිසා ජනතාවට පොලිසියට යෑමට සිදුවන අවස්ථාව අඩුවන බවද අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා සදහන් කරයි.

ග්‍රාම නිලධාරීන් සවිබල ගැන්වීම සඳහා අමාත්‍යාංශය විසින් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනට යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර එම ව්‍යාපෘතියෙන් මෙම වැඩසටහන සඳහා පළමු අදියරේ දී රුපියල් මිලියන අටහමාරක මුදලක් ලැබීමට නියමිතය.

Related posts

පාස්කු කොමිසමේ වාර්තාවේ පිටපතක් කථානායකට භාරදෙයි

colombotoday

ලංවීම, සිපෙට්කෝ, ශ්‍රී ලංකන් එයාර් හොදටම පාඩුයි.. විකුණලා දාන්න තීරණය කළා

colombotoday

බදියුදීන් ඇතුළු ඉල්ලා අස්වූ සියලු දෙනා නැවත ඇමතිකම්වල දිවුරන්න සූදානම් !

colombotoday

සජිත් නාවොත් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන්න ස්වාධින වූ මන්ත්‍රී කණ්ඩායම සූදානම්

colombotoday

ජනපති සහ ගෝඨාභය ඝාතන කුමන්ත‍්‍රණය හෙළි කළ නාමල් කුමාර පොලිස් ඔත්තුකරුවෙක්…

colombotoday

බටහිර පර්යන්තය සංවර්ධනයට ආයෝජකයෙකු නම් කරන්නැයි ඉන්දියාවට හා ජාපනයට දැනුම් දීමට කමිටු තීරණයක්

colombotoday