Colombo Today Local News

මහින්දගේ සභාපතිත්වයෙන් පළාත් පාලන කොට්ඨාස සීමා නිර්ණයට ජාතික කමිටුවක්..

පළාත් පාලන ආයතන සඳහා වූ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවක් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන විෂය හොබවන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පත් කර තිබේ.

නොවැම්බර් 01වැනිදා සිට ලබන වසරේ පෙබරවාරි 28 වැනිදා දක්වා ක්‍රියාත්මක වන පරිදි මෙම කමිටුව පත්කර තිබේ.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ආඥා පණත යටතේ ජාතික කමිටුව පත්කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ (04)රාත්‍රී නිකුත් කෙරිණි.

මහින්ද දේශප්‍රිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවේ සාමාජිකයින් වන්නේ, ජයලත් රවි දිසානායක, ඩබ්ලිව්.එම්.එම්.ආර්. අධිකාරි, කේ තවලිංගම් හා අයි.ඒ.හමීඩ් යන මහත්ම මහත්මීන් ය.

Related posts

ස්වයං නිරෝධායනය වෙමින් සිටි කතක් නිවස තුලදිම මිය යයි

colombotoday

ඇඳිරි නීතිය කඩකළ 2797ක් අත්අඩංගුවට

colombotoday

කොළඹ රාජ්‍ය ආයතන 137ක ආරක්ෂාවට සිටින සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයින් ඉවත් කිරීමට පියවර

colombotoday

මුස්ලිම් අන්තවාදීන්ගේ සහ දේශපාලකයන්ගේ කනට ගසමින් සෞධිය ඥානසාර හිමිගේ මතවාදය පිළිගනියි.

colombotoday

Prius කෝටිය පන්නද්දී Vitz, Wagon R, Freed මිළ බහී.. අඩුවට දෙන කාර් මෙන්න

colombotoday

මාර්ග අනතුරකින් මෙවර මැතිවරණයට තරඟවදින අපේක්ෂකයින් දෙදෙනෙකුට තුවාල

colombotoday