Colombo Today Local News

“මෛත්‍රී ජනපති වුවත් ජනතාව මහින්ද සමගයි, ශ්‍රීලනිපයේ නායකත්වය මහින්දට දිය යුතුයි” – කුමාර වෙල්ගම

kuma¾ welÜmaශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාට ලබා දිය යුතු බව කුමාර් වෙල්ගම හිටපු ඇමතිවරයා පැවසුවේය.

ජනමතයෙන් තේරී පත් වුනු නිසා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ලෙස පිළිගැනීමට සුදානම් නමුත් ජනතාව හිටපු ජනපතිවරයා සමඟ සිටින බැවින් ඉදිරි මැතිවරණයේ දී ඔහුට පක්ෂය භාර දිය යුතු බවයි ඔහු පවසන්නේ.

‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපි ඉල්ලා සිටින්නේ, දැන් මේකේ නායකත්වය ඇත්තටම මහින්ද රාජපක්ෂ මහත්තයට දිය යුතුයි. ජනාධිපතිවරයා හැටියට මෛත්‍රිපාල සිරිසේන මහත්තයව පිළිගන්න ඕනෙ. මහජන මතයෙන් ආවේ. නමුත් මේ ඡන්දෙදි මිනිස්සු ඉන්නේ මහින්ද මහත්තයත් එක්ක. මහජනතාව බලාපොරොත්තු වෙන්නේ ඒකයි. අපි යන්න ඕන මහජනතාවත් එක්කනේ.’ කුමාර් වෙල්ගම මන්ත්‍රීවරයා පැවසීය.

‘මම ඉතින් කැමතියි නෙ කොහොමත්. ජනවාරි අට හවුල් ආණ්ඩුවට විරුද්ධව දොට්ට බැස්ස පළවෙනි මිනිහ මම. එදා ඉඳන් අද වෙන තුරු මම ඉන්නේ ඒ මතයේ තමයි.’ ඔහු පැවසීය.

එම ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් නොලැබෙන්නේ නම් පැහැදිලිවම තමන්ට ද තීරණයක් ගැනීමට සිදු වන බවයි හිටපු ඇමතිවරයා පවසන්නේ.

මේ අතරතුර නව ව්‍යවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර ඇති සංශෝධනයන්ට එකඟ නොවේ නම් තම පාර්ශවයේ සිටින මන්ත්‍රීවරුන් පනස් දෙනෙකු ඊට සහයෝගය නොදක්වන බවයි.

Related posts

“රනිල්ගේ ෆෝන් එකත් චෙක් කරන්න ඕන…”

Admin

ලංකාවේ මුල්වරටයි… සමලිංගික කොඩිය කොළඹ අහසේ ලෙළදෙයි…

colombotoday

අටුළුගම ආසාදිතයාගේ පියාත්-සහෝදරියත් රෝහලට. දින 6 ක් අටුලුගම ප්‍රදේශය පුරා සැරි සරලා

colombotoday

රිෂාඩ්ව නිදහස් කරන්නැයි පාක්ෂිකයන් හත් අට දෙනෙකුගෙන් විරෝධතාවයක්

colombotoday

ඉස්ලාම් හදවත සමීපයටම ප්‍රහාරයක්.. සෞදියේ මදීනා මහ පල්ලිය අසලදී ත්‍රස්තයෙක් මරාගෙන මැරෙයි

colombotoday

බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීමෙන් පසු සැකකරුවන් පලා ගිය වෑන් රථය සොයා ගැනේ

colombotoday