Colombo Today Local News

ක්‍රීඩකයන්ට දුන් තෑග්ගට සල්ලි ඉල්ලා නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියෙන් රතු නිවේදනයක්

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රීඩා ජයග්‍රහණ ගෙනදුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට 2019 වසරේ පැවැති රජය විසින් අඟුලාන සයුරුපුර මහල් නිවාස සංකීර්ණයෙන් ලබාදුන් නිවාස නිදහස් දීමනා ලෙසින් ලබාදීම සිදුකළ නොහැකි බව දන්වමින් නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් අදාළ පාර්ශ්වයන් වෙත ලිපියක් යවා තිබේ.

එහි සඳහන් පරිදි ලබාදුන් නිවාස සඳහා රුපියල් ලක්ෂ 15ක මුදලක් අයකර ගැනීමට ඔවුන් තීරණය කර තිබේ. ඒ අනුව එම මුදල මසකට රුපියල් 4167 බැගින් වසර 30කින් ගෙවා නිමකළ යුතු බවද, එම ලිපියෙහි සඳහන් වේ.

ඔක්තෝබර් මස 20 වැනිදා දිනැතිව යොමුකර තිබෙන අදාළ ලිපිය ලැබී දින 14ක් ඇතුළත නව ගිවිසුම අත්සන් කිරීම සඳහා ඉදිරිපත්වන මෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එමගින් දන්වා ඇත. යම් අයෙක් එම කාලය ඇතුළත එකී ගිවිසුමට එකඟ නොවන්නේනම් නීතිපති උපදෙස් ප්‍රකාරව නිවාස ලබාදීමේ නිදහස් ප්‍රධාන පත්‍රය අවලංගුකර ඒ ඒ නිවාසයන්හි භුක්තිය ලබා ගැනීම සඳහා නීත්‍යනුකූලව කටයුතු කරන බවද එම ලිපියෙහි සඳහන්ය.

රටට කීර්තියක් අත්කරදුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත හිමිවූ නිවාස සඳහා මුදල් ගෙවන මෙන් නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියෙන් ලැබුණු තුන්වැනි ලිපිය මෙය විය. මීට පෙර ඉකුත් මාර්තු මාසයේ සහ 2021 වසරේ පෙබරවාරි මාසයේදීද මුදල් ගෙවන මෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දැනුම් දී තිබිණි.

‘ඒ’, ‘බී’, ‘සී’, ‘ඩී’ වශයෙන් ‘ජී’ දක්වා කොටස් හතකින් සමන්විත මහල් නිවාස සංකීර්ණයේ රටට කීර්තියක් ගෙනදුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් වෙන්කර ඇති නිවාස සංඛ්‍යාව 49කි. ක්‍රීඩක ක්‍රීඩිකාවන් හැරුණු විට එහි ආරම්භයේදී පවුල් 288ක 2000කට වැඩි පිරිසක් එහි වාසය කරනු ලැබීය.

Related posts

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කළ යෝජනාව අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට

colombotoday

ෆෙඩරල් ක්‍රමය ගැන අධ්‍යනයට සම්බන්ධන්, සුමන්තිරන් ස්කොට්ලන්තයට !

colombotoday

රනිල් ඉවත් කර අලුත් අගමැතිවරයෙක්.. එජාපයේ 43ක් මෛත්‍රීගේ සහයට !!

colombotoday

මන්ත්‍රී රෝහිත ඇතුළු පිරිසක් හෙල්මට් නීති කඩයි..!

colombotoday

මැතිවරණ කටේ ජනපති මාධ්‍ය ප්‍රධානීන් කැදවයි.. ජනපති ගැන, සන්ධානය ගැන පුවත් පලකරන හැටි උගන්වයි !!

colombotoday

නයන වාසලතිලක මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

Admin