Colombo Today Local News

” පාන් කනවා වෙනුවට නරකද මුං ඇට ටිකක් කන එක… හාල් හිඟයක් දැනුත් තියෙනවා “

පාන් වෙනුවට මුං ඇට, කවුපි, මඤ්ඤොක්කා වැනි දේ ආහාරයට ගැනීම සුදුසු බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.

”දැන් පාන් කනවා වෙනුවට නරකද මුං ඇට ටිකක් කන එක.මඤ්ඤොක්කා ටිකක් කන එක, දැන් කියනවා නේ, මඤ්ඤොක්කා කෑමව කැන්සර් එකටත් හොඳයි, කියලා”

රටේ ආහාර හිඟයක් ඇති වේ දැයි, පසුගියදා මහනුවරදී මාධ්‍යවේදීහු අමාත්‍යවරයාගන් විමසා සිටියහ.

චමල් රාජපක්ෂ අමාත්‍යවරයා ඊට මෙලෙස පිළිතුරු දුන්නේ ය.

”හාල් හිඟයක් මන් හිතන්නේ දැනුත් තියෙනවා. කොච්චර කෑගැහුවත්. ඇයි ඉතින් හාල් නැතෙයි කියනවා. හාල් මිල ඉහළ යනවා කියන්නේ හාල් හිඟයක් තියෙනවා. නමුත් මම හිතන්නේ නෑ ඒක එහෙම වෙයි කියලා”

තව ද රට තුළ හාල් හිඟ වුවද ගම්වල මඤ්ඤොක්කා මෙන්ම මුං ඇට, කවුපි වැනි ධාන්‍ය වර්ගද ඕනෑතම් තිබෙන බව අමාත්‍යවරයා කියා සිටියේ ය.

”අපිට මේ රටේ හාල් නැති වුණාට ඉස්සර ගම්වල මඤ්ඤොක්කා , මුං ඇට මේ පාර තිස්සමහාරාමේ විශාල මුං ඇට තියෙනවා. අනුරාධපුර පැත්තේ කව්පි. අපි රජය මිලදි ගන්නවා ඒ සියල්ලම.”

Related posts

හිටපු කථානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර අද අවසන් ගමන් යයි.

colombotoday

ඌරු මස් කෑම අවධානම්

Admin

සෙනසුරාදා සිට අමුත්තන්ට බන්ධනාගාර රැඳවියන් හමුවිය හැකියි

colombotoday

වකුගඩු ජාවාරම් චෝදනාව: ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රය විනාශ කිරීමට ඉන්දියාවේ කුමන්ත්‍රණයක් !

colombotoday

මගේ ජාතික නායකයා ප්‍රභාකරන් පමණයි

colombotoday

කඩා ඉවත්කල පැල්පතක හෙරොයින් කිලෝවක්

colombotoday