Colombo Today Local News

සීනි පාලන මිල අද සිට ඉවතට | සහල් ආනයනය කිරීමට පෞද්ගලික අංශයට අවසර

දෙසැම්බර් මස අවසානය දක්වා සහල් ආනයනය කිරීම සඳහා පෞද්ගලික අංශයට අවසර ලබා දීමටත්, සීනි පාලන මිල අද (03)දින මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කිරීමටත් මුදල් අමාත්‍යාංශය ඊයේ (02)දින තීරණය කර ඇත.

මුදල් අමැති බැසිල් රාජපක්ෂ සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන් අතර මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන තිබේ.

දෙසැම්බර් මස 31 වැනිදා දක්වා විදේශීය රටවලින් සහල් ආනයනය කිරීමට අවසර ලබා දෙන ලෙස ආනයනකරුවන් කළ ඉල්ලීමට මුදල් ඇමැතිවරයා අවසර ලබා දී ඇත. එලෙස ආනයනය කරන සහල් කිලෝග්‍රෑමයක් රුපියල් සීයකට ලබා දිය හැකි බව ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න කියා සිටි.

වරායේ සිරවී ඇති සීනි කන්ටේනර් දෙසීය නිදහස් කිරීමෙන් පසු සීනි මිල තවත් අඩු විය හැකි බවද ආනයනකරුවන් ප්‍රකාශ කර තිබේ.

සීනි, පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් කන්ටේනර් 976ක් වරායේ සිර වී ඇති බව ආනයනකරුවන් මෙහි දී පෙන්වා දී ඇත. ඒ ඩොලර් හිඟය හේතුවෙනි. එම කන්ටේනර් නිදහස් කිරීමට ඇමරිකා ඩොලර් මිලියන දහසයක් අවශ්‍ය බව ආනයනකරුවන් පෙන්වා දී ඇත. එම මුදල් කඩිනමින් වාණිජ බැංකු වෙත නිදහස් කිරීමට මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ එකඟ වූ බව ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න කියා සිටි.

මේ අතර සිමෙන්ති හිඟය මග හැරවීම සඳහා සමාගම් තුනකට සිමෙන්ති මෙට්‍රික් ටොන් තිස්දහසක් ඇසුරම් කර ආනයනය කිරීමටද මෙහි දී අවසර ලබා දී ඇත. මෙම සමාගම් තුන මෙතෙක් සිමෙන්ති කුඩු මෙරටට ආනයනය කර ඇසුරුම් කර තිබේ.

Related posts

කතානායකට පුටුවේ චූ ගියා. වීඩියෝ තියෙනවා. – ලක්ෂ්මන් යාපා අඹේවර්ධන

colombotoday

අලුත් සීමා නීර්ණයෙන් ශ්‍රීපාදස්ථානය බහුතර සිංහල පාලන බලප්‍රදේශයෙන් ඉවතට !

colombotoday

කෝප් සභාපතිට මැතිසබේ විරෝධයක්… – විපක්ෂ නායක විමර්ශනයක් ඉල්ලයි

Admin

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ ප්‍රකාශය

colombotoday

යාපනයට සුළිකුණාටුවක්

Admin

fitch රේටින්ග්ස් ගෝලීය මූල්‍ය දර්ශකයේ ලංකාව පහළටම ඇද වැටෙයි!

colombotoday