කවුද වසලයා කවුද බ්‍රහ්මණයා කියන එක අද රටට ඔප්පු වෙමින් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (30)දින පැවසීය.
අනුන්ට බණ දේශනා කිරීමට පෙර තමා සුදුසු ගුණයෙහි පිහිටා සිටීම වැදගත් බව පැවසූ විපක්ෂනායකවරයා බුදුන්ට එරෙහිව කටයුතු කළේ අංගුලිමාල යනුවෙන් ජනාධිපතිවරයා කළ ප්‍රකාශය වැරදි හෙයින් එය දේවදත්ත යනුවෙන් නිවැරදි විය යුතු බවද ප්‍රකාශ කළේය.
විපක්ෂ නායකවරයා මෙසේ පැවසුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැතිසබයේදී ඊයේ (29)දින කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සංවාදයක් ඇතිවූ අවස්ථාවේදීය.