Colombo Today Local News

ගෑස් භාවිතය ඉහළ යෑම පිපිරීම් වැඩි වීමට හේතුවයි – වාසුදේව ඇමති කියයි

වෙළෙඳපොළේ භාණ්ඩ මිල ඉහළ යාම සම්බන්ධයෙන් ඊයේ රැස් වූ අමාත්‍ය මණ්ඩල හමුවේ දී දැඩි සංවාදයට බදුන් වී තිබේ.

භාණ්ඩ මිල ඉහළ යාම නතර කළ නොහැකි බවත්, එහෙත් භාණ්ඩ හිඟයක් හෝ භාණ්ඩ මිල දී ගැනීම සඳහා ජනතාවට පෝලිම්වල රැදී සිටීමට අවස්ථාවක් නො දීමට වග බලා ගන්නා බවයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අමාත්‍ය මණ්ඩලය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේ වෙතත්, ජනතාව දිගින් දිගට ම ප්‍රකාශ කර සිටියේ, භාණ්ඩවල මිල දරාගත නොහැකි ලෙසට ඉහළ ගොස් ඇති බවට යි.

මේ අතර, දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මේ වන විට ගෑස් සිලින්ඩර් ආශ්‍රිතව සිදු වන ගිනි ගැනීම් පිළිබදව ද අමාත්‍ය මණ්ඩල හමුවේ දී කතාබහට ලක් වී ඇත.

තවත් රටවල් කිහිපයක දැනට මෙරට භාවිතා වන ගෑස් සංයුතිය යොදා ගන්නා බවත් එම රටවල මෙවැනි සිද්ධීන් වාර්තා නොවන බවත් අමාත්‍යවරයෙකු කැබිනට් මණ්ඩලය හමුවේ ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

එබැවින් මෙම සිදුවීම් සංයුතියෙහි ගැටලුවක් නොවන බව ද ඔහු ප්‍රකාශ කර තිබේ.

මේ අතර, ගෑස් භාවිතා කරන ප්‍රමාණය ඉහළ යාමත් සමඟ ගෑස් සම්බන්ධ අනතුරුවල ඉහළ යාමක් පවතින බව කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළේය.

Related posts

උද්ඝෝෂණ, විරෝධතා මඩින්න සුනඛයන් කැදවයි !!

colombotoday

ගිං ගඟ පහළ නිම්නයේ ජල මට්ටම ඉහළට… කළුතර ප්‍රදේශ කිහිපයකට රතු නිවේදන

colombotoday

මගේ රාජ යෝගය උදාවුණේ ඉපදුණු දවසෙමයි… කේසර සිංහයෙක් වගේ මම ඕන අභියෝගයකට ලෑස්තියි

colombotoday

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල අද සිට විවෘතයි

colombotoday

කැලෑවක දමා ගිය දින දෙකක් වයසැති සිගිත්තිය

colombotoday

පෝර්ට් සිටිය හදනවානම් ඉන්දියාවෙන් කොන්දේසි දෙකක්!

colombotoday