Colombo Today Local News

කුරුණෑගල නගරධිපතිගේ රිට් පෙත්සම විභාගයට නොගෙනම විසි වෙයි

කුරුණෑගල මහ නගර සභාවේ දූෂණ වංචා සිදුව ඇත්දැයි සොයා බැලීම සඳහා වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා පත් කරන ලද පරීක්ෂණ කොමිසම තහනම් කරන ලෙස රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ගොනු කළ පෙත්සමක් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට කුරුණෑගල මහාධිකරණ විනිසුරු නිශාන්ත පීරිස් මහතා අද(29)දින තීරණය කළේය.

ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා මාර්ගයෙන් එම පෙත්සම අධිකරණට ඉදිරිපත් කර තිබුණි.

පළාත් ආණ්ඩුකාරවරයකුට පැවරී ඇති බලතල ප්‍රකාරව වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ඉදිරිපත් කරන ලද පරීක්ෂණ කොමිසම නිවැරැදි හා නීත්‍යානුකූල එකක් වන බැවින් වගඋත්තරකාර පාර්ශ්වයන්ට නොතීසී නොකැඳවා එම පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරන බව මහාධිකරණ විනිසුරු පීරිස් මහතා ප්‍රකාශ කළේය.

Related posts

දියර පොහොර භාවිතයේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙ උපදෙස් පිළිපදින්න

colombotoday

පාර්ලිමේන්තුව අවට මාර්ග බාධක සම්පූර්ණයෙන්ම ඉවත් කරයි

colombotoday

ඇමති බැසිල් රාජපක්ෂ ඉන්දියාවේ සංචාරයක

colombotoday

සංහිදියාවේ ප්‍රගතිය බලන්න නීෂා බිස්වාල් එයි

colombotoday

එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන වජිර අබේවර්ධනට

colombotoday

අනුරයි මායි දෙන්නම එකයි

Admin