Colombo Today Local News

ගෑස් පිපිරීම් ගැන වාර්තාවක් මොරටුව සරසවියෙන් ලබා ගැනීමට සැලසුම්

ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් නිර්දේශ ඇතුළත් වාර්තාවක් මොරටුව විශ්වවිද්‍යාලයෙන් ලබා ගැනීමට නියමිත බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

ඒ, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය හා ඛනිජ තෙල් සංස්ථාවට යැවූ නියැදිවල වාර්තාවක් සැලකිල්ලට ගනිමින් ය.

ඒ අනුව ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් පරික්ෂා කිරීමට පිට පළාත්වලින් නියැදි 20ක් ඊයේ දිනයේ ලබා ගත්‌තේ ය.

මේ අතර, ඊයේ(28) දිනයේත් ගෑස් පිපිරීම් 03ක් වාර්තා විය.

කල්මුණේ, වට්ටවිදානෙයි ප්‍රදේශයේ නිවසක ගෑස් කාන්දුවක් නිසා ගෑස් ලිපක් පුපුරා ගියේ ය.

ඉන් නිවසේ මුළුතැන්ගෙයට හානි විය.

මේ අතර කෑගල්ල, රොක්හීල්, කහටපිටිය ප්‍රදේශයේ නිවසක ඊයේ පෙරවරුවේ ගෑස් ලිපක් පුපුරා ගියේ ය.

සිද්ධියෙන් කිසිවෙකුටත් හානියක් වී නොමැත.

ආරච්චිකට්ටුව ප්‍රදේශයේ නිවසක ද ගෑස් කන්දුවක් නිසා ගිනි ගැනීමක් සිදුව තිබේ.

පසුව නිවැසියන් ගෑස් සිලින්ඩරය හා ලිප නිවසින් පිටතට විසි කර ඇති බව වාර්තා විය.

ඒ හේතුවෙන් නිවසට හානියක් සිදුව නොමැති අතර අදාළ අවස්ථාවේ විශාල ගින්නක් හට ගත් බව ද වාර්තා විය.

Related posts

රට ගොඩනැගීමේ ජනපතිගේ දැක්ම ජාත්‍යන්තර නිර්නායක ඉක්මවා යන්නක් – සාගල රත්නායක

Admin

සෞඛ්‍ය වැඩවර්ජනය හෙට අවසන්

Admin

ශ්‍රී ලංකාවේ දැනට පවතින අපරාධ – සිවිල් – වාණිජ නීති ප්‍රතිසංස්කරණයේ

colombotoday

අත්අඩංගුවට ගත්තොත් රවී බැදුම්කර හොරු ගැන සියල්ල හෙළි කරන්න යයි…

colombotoday

මහනුවර නගරසීමාවේ පාසල් 45ක් වසයි

colombotoday

වාහන ආනයනයට රජයෙන් සම්බාධක… ඉදිරියේදී රට තුළ වාහන හිගයක්…

colombotoday