Colombo Today Local News

ආර්ථිකයට දායකත්වයක් දක්වන සතුන් ගැන සංගණනයක් කරන්නැයි කෘෂිකර්ම ඇමතිගෙන් උපදෙස්

රටෙි ආර්ථිකයට දායකත්වයක් දක්වන සතුන් පිළිබඳ සංගණනයක් කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අද (29)දින උපදෙස් දුන්නේය.

වසරින් වසර ආර්ථිකයට දායකත්වයක් ලබා දෙන සත්වයින්ගේ ප්‍රමාණය ඉහළ යා යුතු වුවද වසරක් පාසා කිරි ගවයන් වැනි සතුන් ආනයනය කීරිමට සිදුව ඇති හේතුව අනාවරණය කර ගැනීමට නොහැකි වීම ගැටලුවක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අනුව ගෘහාශ්‍රිතව සිටින කිරි ගවයන්, කුකුළන්, තාරාවන්, එළුවන් ආදි සතුන් පිළිබඳ නිවැරදි තොරතුරු ලබා ගෙන ඔවුන්ගේ බෝවීම, කිරි නිෂ්පාදනය, බිත්තර නිෂ්පාදනය යනාදී කරුණු විශ්ලේෂණය කර වාර්ෂිකව සත්ව ගහණය වැඩිවීම හා එමඟින් ජාතික ආර්ථිකයට ඇති කරන බලපෑම පිළිබඳව වාර්තා ලබා ගන්නා ලෙසද අමාත්‍යවරයා සඳහන් කළේය.

Related posts

අවුරුදු කාලේ සහල් මෝල් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන්නැයි ඉල්ලයි

colombotoday

දියතලාවේ බස් රථයක් ගිනි ගැනීමට හේතුව අගමැති පාර්ලිමේන්තුවේදී කියයි

colombotoday

QR එකට තෙල් ගහපු ක්‍රමය අදන් අවසන්

Admin

හරක් කටාගේ බිරිඳ අල්ලන්න මෙහෙයුම් අරඹයි

Admin

කල්මුනේ පාසල් හෙට සිට සතියක් වැසේ

colombotoday

පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය කුගදාසන් ට

Admin