Colombo Today Local News

පොලිස් ලොක්කෙක් සහය දුන් රාජගිරියේ වකුගඩු ජාවාරම ගැන පැමිණිලි පහක්

රාජගිරියේ පිිහිටි පෞද්ගලික රෝහලක කළ වකුගඩු ජාවාරම පිළිබඳ පුද්ගලයන් පස් දෙනකු ​බොරැල්ල පොලිසියට ඊයේ (24)දින පැමිණිලි ගොනුකර ඇත.

කාන්තාවක් ඇතුළු පුද්ගලයන් සිව් දෙනකු මෙලෙස පැමිණිලි ගොනුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පැවසීය.

ඔවුන් කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙති. ඔවුන් වයස අවුරුදු විසිහයත්, හතළිස් දෙකත් අතර පසුවන අය වෙති.

මෙම පිරිස වෛද්‍ය වාර්තා ලබා ගැනීම සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙතද ඉදිරිපත් කර ඇත.

අදාළ ජාවාරමට සහය ලබාදුන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු පත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය. මෙම නිලධාරියා තුන්වරක් වැඩ තහනමට ලක් වූ අයකු බවත්, මෙම වකුගඩු ජාවාරමට සම්බන්ධ රෝහලේ හිමිකරුවන්ගේ වාහනවලින්ම ගොස් පැමිණිලිකරුවන් බියවද්දවා රුපියල් ලක්ෂ දෙක බැගින් ලබා දී ලිපිවලට අත්සන් ගෙන ඇති බවත් අනාවරණ විය.

Related posts

බැංකු ගිණුම් අරින්න ටින් අංකය අනිවාර්ය කෙරෙයි

Admin

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමේ වගකීම හිටපු ජනපති සිරිසේන පැහැර හැරියා – රුවන් විජේවර්ධන

colombotoday

“ජාත්‍යන්තරය හමුවේ මේ ආණ්ඩුව රට පාවා දුන්නා.. දැන් ඒ පඹගාලෙන් බේරෙන්න බැරිව දඟලනවා” දිනේෂ් ගුණවර්ධන

colombotoday

සැකකටයුතු කාන්තා මළ සිරුරක් මිනුවන්ගොඩ නිවසකින් හමුවෙයි

Admin

ගිනිගත් ඉන්ධන නෞකාව නාවුක සැතපුම් 35ක් දුරකට රැගෙන යයි

colombotoday

උපයෝගීතා කොමිසම විදුලි බිල අඩුකරන්න අවසර දුන්නත් මණ්ඩලය බෑ කියයි

Admin