Colombo Today Local News

ජනාධිපති නීතිඥයින් පත්කිරීම සඳහා නව මාර්ගෝපදේශ මාලාවක්

ජනාධිපති නීතිඥවරුන් පත්කිරීම සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශ ඇතුළත් නව ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත්කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුමත කළ මාර්ගෝපදේශ ජනාධිපති ලේකම් පි.බි.ජයසුන්දර මහතා විසින් මෙසේ නව මාර්ගෝපදේශ 14ක් විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කර ඇත.

2019 වසරේ ඔක්තෝබර් 29 වන දින විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කරන ලද ජනාධිපති නීතිඥයින් පත්කිරීම සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශ මෙමඟින් අවලංගු කර තිබේ.

නව මාර්ගෝපදේශවලට අනුව ජනාධිපති නීතීඥයින් පත්කිරීම උපරිම වශයෙන් වසරකට එක් කණ්ඩායමකට සීමා කර ඇති අතර වසරකට පත්කරනු ලබන ජනාධිපති නීතිඥවරුන්ගේ සංඛ්‍යාව 10 නොයික්මවිය යුතු බව සඳහන් කර තිබේ.

Related posts

සංහාරය නොනවතී.. විල්පත්තු මායිමේ ‘අයිලිය‘ රක්ෂිතයත් වනසා ඉඩම් අල්ලා ගනිති !

colombotoday

මි. 50ක මත්ද්‍රව්‍ය සමග වැල්වැටිතුරේදී සැකකරුවන් තිදෙනෙක් නාවික හමුදා භාරයට

colombotoday

ඉන්දියාව සමඟ තෙල් නල එලන්න සාකච්ඡා කරනවා විතරයි

Admin

බදු පනතට එරෙහිව කළු සතියක්

Admin

ජාතික ගීය දෙමළෙන් ගයා ලක්වාසීන්ගේ මූලික අයිතිවාසිකම් කැඩුවා: ජනපති වගඋත්තරකරු කර පෙත්සමක්

colombotoday

දූෂණ මර්දන කොමිෂන් සභා පනත් කෙටුම්පත නීතිපතිට

colombotoday