Colombo Today Local News

පාසල් දැරිය කෙළෙසා නිරුවත් වීඩියෝ විදුහල්පතිට යවලා

මොරවක ප්‍රදේශයේ 15 හැවිරිදි පාසල් දැරියක් දූෂණය කර නිරුවත් වීඩියෝ දර්ශන වට්ස් අප් සමාජ මාධ්‍ය ඔස්සේ විදුහල්පතිවරයා ඇතුළු පිරිසකට යොමු කරන ලදැයි කියන 20 හැවිරිදි සැකකාර තරුණයකු ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය ඊයේ (24)දින අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම දැරිය, ඇයගේ නිවස තුළදීම සැකකරු 11 වතාවක් දූෂණය කර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

දැරියගේ දෙමාපියන් රැකියා සඳහා නිවසින් පිටව යන අවස්ථාවේදී, සැකකරු පැමිණ දැරිය දූෂණය කර තිබෙන බවත්, එලෙස දූෂණය කරන අයුරු සැකකරු සිය ජංගම දුරකථනයෙන් වීඩියෝගත කර තිබෙන බවත් විමර්ශන නිලධාරියෙක් සඳහන් කරයි.

එලෙස ලබාගත් නිරුවත් වීඩියෝ දර්ශන සැකකරු වට්ස් ඇප් සමාජ මාධ්‍ය ඔස්සේ සිය මිතුරන් වෙත යොමුකර තිබෙන බවත්, එම දර්ශන දැරියගේ විදුහලේ විදුහල්පතිවරයා වෙතද ලැබී ඇතැයිද පොලිසිය විමර්ශනවලදී අනාවරණ කරගෙන තිබේ.

වින්දිත දැරිය ළමා නිවාසයක් වෙත යොමුකර සැකකරු මොරවක මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පියවර ගෙන ඇත.

Related posts

පොදු ප්‍රවාහන සේවා වලට විද්‍යුත් ටිකට් පතක්

Admin

“ගුරුවරුන් නාවත් පාසල් පවත්වගෙන යන්න අපි දන්නවා’’

colombotoday

ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන්ටඅධිකරණය දැන් දුන් නියෝගය

Admin

පාර්ලිමේන්තු සභාව නොවැම්බර් 19 දා පස්වරු 1 දක්වා කල් තැබෙයි

colombotoday

විමල්ට එරෙහිව අල්ලස් කොමිසමේ නඩු.. කෝටි හතරක් අයථා ලෙස උපයා ඇතැයි චෝදනා

colombotoday

බුරවි කුණාටුවට හසුවූ ධීවරයාගේ සිරුර කරෙයිනගර් මුහුදු තීරයට ගොඩගසි

colombotoday