Colombo Today Local News

ලබන මාසයේ සිට ආහාර අඩු වැඩි නිවෙස් හඳුනා ගන්න ඇප් එකක්

ලබන මාසයේ සිට සෑම නිවසක්ම ඉලක්ක කරගනිමින් පෝෂණය සහ ආහාර සුලබතාව සම්බන්ධයෙන් දත්ත රැස් කිරීමට රජය තීරණය කර තිබේ.

ජනාධිපති කාර්යාලය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ලබන බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණ අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස පැවැසුවාය.

ආහාර හිඟතාව සහ ආහාර සුලබතාව පිළිබඳව නිවෙස්වලින් දත්ත රැස් කිරීම සඳහා යෙදවුමක් (ඇප්) ජනාධිපති කාර්යාලය විසින් නිර්මාණය කර ඇති අතර එමගින් ආහාර අඩු නිවෙස් සහ සුලබ නිවෙස් හඳුනා ගැනීමට කටයුතු කරනු ලබයි.

එසේම මන්ද පෝෂණයෙන් පෙළෙන ළමයින් සම්බන්ධයෙන් සහ ගර්භණි මාතාවන් සම්බන්ධයෙන් වැඩි අවධානයකින් කටයුතු කිරීමද මෙමගින් සිදු කරනු ලබයි.

ආහාර හිඟ නිවෙස් සම්බන්ධව එකතුකර ගනු ලබන දත්ත විශ්ලේෂණය කරමින් එම නිවෙස්වලට අවශ්‍ය ආහාර ඉදිරියේදි ලබා දීමටද කටයුතු කරනු ලබයි.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා මෙම දත්ත එකතු කිරීම සිදුකරනු ලබන අතර එම දත්ත නිරීක්ෂණය කිරීම සිදුකරනු ලබන්නේ ජනාධිපති කාර්යාලයේ නිලධාරීන්ය.

ඔවුන්ගේ නිරීක්ෂණවලට අනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා අදාළ නිවෙස්වලට අහාර බෙදාහැරීම් සිදු කිරීමට නියමිතය. ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීමේ අරමුණින් මෙම තීරණය ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව වෛද්‍ය රේණුකා ජයතිස්ස වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

Related posts

පියාගේ මිටි පහරින් මරු දුටු තරුණයා

Admin

මාතර නගරයේ ඉතිහාසය වෙනස් කල විරෝධතාකරුවන්

colombotoday

නිවාස මංකොල්ලකෑ හයක් අත්අඩංගුවට

colombotoday

වැලිගමදී පියපුතු දෙපළකට වෙඩි

Admin

රනිල් සජිත් එක්විය යුතුයි

Admin

අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට

colombotoday