Colombo Today Local News

රසායනික පොහොර, කෘමිනාශක , වල්නාශක ආනයනයට අද සිට අවසර

රසායනික පොහොර, කෘමිනාශක , වල්නාශක ආනයනය කිරීමට අද (24)දිනයේ සිට අවසර ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

මේ වනවිට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

ඔහු වැඩි දුරටත් පැවසුවේ, මීට අදාළව 2021 අප්‍රේල් මාසයේ 26 වනදා නිකුත් කළ ගැසට් නිවේදනය අද (24) දිනයේ සිට ඉවත් කිරීමට ඊයේ තීරණය කළ බවයි.

ඒ අනුව, පෞද්ගලික අංශයට රසායනික පොහොර ආනයනය කර වෙළඳපොළට නිකුත් කිරීමේ අවස්ථාව උදාවනු ඇති.

කෙසේ වෙතත් හරිත කෘෂිකර්මාන්තයක් සඳහා වන රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නොමැති බව සඳහන් කළ අමාත්‍යවරයා කියා සිටියේ, රජයේ පොහොර සහනාධාරය, බීජ, වී සඳහා සහතික මිලක්, තාක්ෂණය, වෙළඳපොළ යනාදි සියලු දේ ලබා දෙන්නේ හරිත කෘෂිකර්මානය සඳහා බවයි.

Related posts

අලුත් දීගයක සාකච්ඡා සාර්ථකයි

colombotoday

සියලුම සංචාරක කලාප රාත්‍රී විදුලි කප්පාදුවෙන් නිදහස්

Admin

රණවිරු දරුවන් 1800කට පාසල් දොර වැසේ

colombotoday

බෞද්ධයා නාලිකාව, අධිරජ ධර්මාශෝක අන්තවාදියිලු.. සංහිදියාවට බාධාවක්ලු !

colombotoday

නදීශා ප්‍රසිද්ධියේම ‘සිල් බිඳ ගනී’.. මඩු වල්ගෙන් තලන්න වෙයි!

colombotoday

කෙසෙල්වත්තේ දිනුකගේ සමීපතමයින් දෙදෙනෙක් හෙරොයින් සමග අත්අඩංගුවට

colombotoday