Colombo Today Local News

ඉන්දීය අගමැති සහ ජනපති අතර හමුවක්

ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ලෝක නායක සමුළුවේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර හමුවක් සිදු වී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ග්ලාස්ගෝ නුවර දී හමුවීම සතුට දනවන්නක් බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

එමෙන්ම ලොව පුරා රටවල් 197ක රාජ්‍ය නායකයන්, රාජ්‍ය නියෝජිතයන්, විද්වතුන්, ව්‍යාපාරිකයන් ඇතුළු ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන 25,000ක් පමණ ග්ලාස්ගෝ සමුළුවට එක්ව සිටි.

එය අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සදහන් කළේ වසර 2070 වන විට කාබන් ශූන්‍යත්වය ළඟා කර ගැනීමට අපේක්ෂා කරන බවයි.

මේ අතර ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය වසර 2050 වන විට කාබන් ශූන්‍යත්වය ළගා කර ගන්නා බවට ප්‍රතිඥා දුන් අතර චීනය කාබන් ශූන්‍යත්වය ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ 2060 වසරේදියි.

ශ්‍රී ලංකාව වසර 2050 වන විට එම ඉලක්කය සපුරා ගැනීමට සැලසුම් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ග්ලාස්ගෝ සමුළුවේදී ප්‍රකාශ කර තිබේ.

Related posts

සියොන් බෝම්බකරුගේ හිස යලි ගොඩගන්න නියෝග

colombotoday

දයාරතන හිමි, ඉත්තෑකන්දේ හිමි, සුදත්ත හිමි අතුළු 11ක් ඇප මත නිදහස්

colombotoday

දකුණ ගංවතුරේ ගිලෙද්දී උතුරේ විරෝධතා.. ඒ 9 පාරත් වැසෙයි (Photo)

colombotoday

ගැබිණි පෝෂණ මල්ලත් නවතී.. ඒ වෙනුවට වව්චර් දෙන්න යයි

colombotoday

අලුත් රාජ්‍ය, නියෝජ්‍ය ඇමතිලා මෙන්න

colombotoday

ජාතික රෝහලේ දියවැඩියා රෝගීන්ගේ බෙහෙත් හිඟයක්.

colombotoday