Colombo Today Local News

දිවයින පුරා සෞඛ්‍ය වෘත්තීය සමිති 15ක් හෙට සිට පැය 48ක සංකේත වැඩවර්ජනයක්

හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ඇතුළු වෛද්‍ය නොවන වෘත්තීය සමිති 15ක් ඒකාබද්ධව සංකේත වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ.

හෙට (24) පෙරවරු 07 සිට දින දෙකක් එලෙස ඔවුන් සංකේත වැඩවර්ජනයක නිරතවන බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි.

රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා,

“හෙට උදේ 7ට පැය 48ක එසේ නැතිනම් දින දෙකක වැඩවර්ජනයක් අරම්භ කරනවා. ඒ වැඩවර්ජනය පැය 48ක් දිවයින පුරා තිබෙන සමස්ත රෝහල් පද්ධතියේත්, ඒ වාගේම මහජන සෞඛ්‍ය සේවාව තුළත් ක්‍රියාත්මක වන්නට නියමිතයි.”

අදාළ වැඩවර්ජනය සම්බන්ධයෙන් පරීපුරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් පවසා සිටියේ, “මේ ඉල්ලීම් 7 සම්බන්ධයෙන් පරීපුරක වෛද්‍යසේවාත්, අතුරු වෛද්‍ය සේවවාත්, හෙද සේවාවත්, කියන වෘත්තීය වේදීන් 50,000ක් හෙට දවසේ අපි වර්ජනයට කැඳවනවා. මේ වර්ජනයේදී අපි තවදුරටත් වගකිවයුතු වෘත්තීය සමිති විදිහට ළමා රෝහල්, පිළිකා රෝහල් මාතෘ රෝහල් සහ විශේෂයෙන් කොවිඩ් සම්බන්ධ රෝහල්වල කිසිදු වර්ජන ක්‍රියාමාර්ගයක් දියත්වන්නේ නැහැ. හදිසි සහ අත්‍යවශ්‍ය සේවාවන් අපි පවත්වා ගන්නවා. සමහර වෛද්‍ය පරිපාලකයෝ ඉන්නවා රෝහල්වල මේක අවුල්කරන්න ඕනේ අය. හදිසි සහ අත්‍යවශ්‍ය සේවා ස්වෙච්චාවෙන් දෙන්න යනකොට ඒ අය ඒ අයගේ ලොකුකම් පෙන්නට ආවෝත් ඒ කිසිම සේවක් ඒ ස්ථානවල ලැබෙන්නේ නැහැ.” යනුවෙනි.

Related posts

මෙරටට පැමිණ සිටින විදේශිකයින්ගේ වීසා වලංගු කාලය දීර්ඝ කෙරේ

colombotoday

පැලවත්තේ නිවසක් බිඳ මිලියන 30ක් සොරාගත් සැකකරුවෙකු අල්ලයි

colombotoday

අගමැති කියා ඇත්තේ අමු බොරු… මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්නැයි වාර්තාවේ කොතනකවත් නෑ

colombotoday

ආපදා කලමනාකරණයේදී ආණ්ඩුව දිගටම ඇණකොන්ඩා.. කොස්ගම ජනතාව කුපිත වෙලා

colombotoday

ස්වෛරී රටක ස්වාධීනත්වයට බලපෑම් කිරීම පහත් ක්‍රියාවක් – යුරෝපා සංගමයට රජයෙන් ප්‍රතිචාර

colombotoday

මාලිමාණ්ඩුව එක මාසෙට හයිවේ පහක ණය අරන්

Admin