Colombo Today Local News

දක්ෂිණ අධිවේගයේදී රියදුරන් දෙදෙනෙක් වැට පැනල බස් දෙක මාරු කරගෙන

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වූ බස් රථ දෙකක රියදුරන් කළුතර ප්‍රදේශයේදී බසර රථ නවතා එම රියැදුරන් දෙදෙනා, බස් රථ දෙකට මාරු වන අයුරු එම බසයක සිටි මගියකු ඡායාරූප ගත කර ඇත.

එක් බසයක් කඩවතින් 6.30 අම්බලන්ගොඩ බලා ගමන් ආරම්භ කර ඇති අතර අනෙක් බසය අම්බලන්ගොඩ සිට කඩවත බලා ධාවනය කළ එකක් බව පැවසේ.

මෙම බස් රථ දෙක දක්ෂිණ අධිවේගී මාර්ගයේ කළුතර ප්‍රදේශයේ දී , අතරමඟ නවතා , රියදුරන් දෙදෙනා මෙසේ මාරු වී ඇති බවත් ඉන් බස්රථ දෙකෙහි ගමන් ගත් මගින් විමතියට හා දැඩි අපහසුතාවයට පත්ව තිබූ බවත් පැවසේ.

එහිදී රියදුරන් දෙදෙනා, බස්රථවලින් බැස මාර්ගය මැද සවිකර ඇති ආරක්ෂිත වැට අසල අනාරක්ෂිත ලෙස රැඳී සිට, මාර්ගය හරහා මාරු වී තිබේ.

Related posts

පැය 12ක මෙහෙයුමකින් 1563ක් අත්අඩංගුවේ

colombotoday

මාධ්‍යවේදී ලසන්ත මරා වසර 15යි… ඝාතකයන් තවමත් නිදැල්ලේ

Admin

පියා සහ පුතුන් දෙදෙනා ඝාතනයට සැක තිදෙනෙකු අත්අඩංගුවට

colombotoday

මීරිගම අධිවේගය හදන්න මිලියන 75000ක කැබිනට් පත්‍රිකාවක්

Admin

යාපනේ ප්‍රතිඵලයෙන් තත්ත්වය උඩු යටිකුරු වෙයි – ගෝඨාභය අබිභවා සජිත් ඉදිරියට !

colombotoday

සහරාන්ගේ ෆේස්බුක් මිතුරන්ගේ තමිල්නාඩු රහස් නිවාස 7ක් වටලයි

colombotoday