රජය විසින් සිදු කළ බදු වැඩි කිරීම අනුව අර්තාපල් සහ ලොකු ලූනු ආනයනය කිරීමේදී අය කරන විශේෂ වෙළෙඳ භාණ්‌ඩ බද්ද රු. 20 කින් ඉහළ නංවා ඇතැයි මුදල් අමාත්‍යාංශය කියයි.
“මේ අනුව අර්තාපල් කිලෝවක් ආනයනය කිරීමේදී අය කළ රු. 15 ක විශේෂ වෙළෙඳ භාණ්‌ඩ බද්ද රු. 35 දක්‌වා සහ ලොකු ලූනු කිලෝවක් ආනයනය කිරීමේදී අය කරන විශේෂ වෙළෙඳ භාණ්‌ඩ බද්ද රු. 5 සිට රු. 25 දක්‌වා ද ඉහළ නංවා ඇතැයි මුදල් අමාත්‍යාංශය කියයි.
මෙම බදු ඉහළ නැංවීම පෙරේදා (29 දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ