Colombo Today Local News

රන් භාණ්ඩ සොරකමේ ගිය අඹුසැමි යුවළක් අත්අඩංගුවේ

පුත්තලම නගරයේ නිවසක තිබූ රුපියල් ලක්ෂ 27ක් පමණ වටිනා රන් භාණ්ඩ සොරා ගෙන ගිය සැකකාරිනියක සහ සැකකරුවෙකු ඊයේ (21) දින අත්අඩංගුවට ගෙන තිබේ.

රන් වළලු 4ක්, රන් මාල 2ක්, රන් තැලි 2ක්, රන් පෙන්ඩන්ට් 2ක්, රන් මුදු 6ක්, රන් කරාබු ජෝඩු 5ක් සහ රිදී මුදු 4ක් සමග ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සදහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය අවුරුදු 41 සහ 31 වයස්වල පසුවන පුත්තලම ප්‍රදේශයේ පදිංචි අඹු සැමි යුවළකි.

සැකකරු සහ සැකකාරිය අද (22) දින පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.

සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

ඇමති චම්පික හා කොළඹ නාගරික මන්ත්‍රීවරුන් අතර ගාලගෝට්ටියක්…

colombotoday

කිරිබත්ගොඩ පාළු නිවසකින් කාන්තා මළසිරුරක් හමුවෙයි

colombotoday

හාලිඇල විද්‍යා විද්‍යාලයේ විදුහල්පති අනිවාර්ය විශ්‍රාම යවයි : ගුරුවරු 4 දෙනාගේ වැඩ තහනම්

colombotoday

අපේ ජන බල පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් – ඥානසාර හිමි පාර්ලිමේන්තුවට

colombotoday

ගිලන් රථයකට වෙඩි ප්‍රහාරයක්

colombotoday

විද්‍යා ඝාතනය නාවික හමුදාව පිට දාන්න සාක්කි දෙයි !

colombotoday