Colombo Today Local News

“ත්‍රස්ත මර්ධන පනත අහෝසි කරනවා.. බ්‍රිතාන්‍යයේ නීතියට අනුකූල නීතියක් ගෙනෙනවා” – අගමැති

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යල්පැන ගොස් ඇති බවත් එය ඉවත් කර ජාත්‍යන්තර ත්‍රස්තවාදයට මුහුණ දිය හැකි නව නීති ගෙන එන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජාතික තෛපොංගල් දින සැමරුමට අද එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.

“ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත දැන් යල් පැනපු පනතක්. ඒක ඉවත් කරලා අපිට අනාගතේ ජාත්‍යන්තර වශයෙන් ඉන්න ත්‍රස්තවාද ප්‍රශ්න තියෙන්න පුළුවන්, ලංකාවේ තියෙන එකක් නැහැ. ඒකට උවමනා වුනොත් අපි එක්සත් රාජධානියේ නීතියට අනුකූල නීතියක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා”.

උතුරු පළාත් ජනතාවගේ ඉඩම් ගැටලූවට කඩිනමින් විසඳුම් ලබාදෙන බවද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී ප‍්‍රකාශ කළා.

Related posts

කොටි සැකකරුවන් නිදහස් කරන්නැයි ඉල්ලා වව්නියාවේ උද්ඝෝෂණ…

colombotoday

රට බෙදන්න කිසිම අදහසක් නෑ

Admin

සාක්ෂි ලබාදීම බලන්න ආ මෛත්‍රීට ඔක්. 05 කොමිසමේ පෙනී සිටින්න නියෝග

colombotoday

ඇලෝසියස්ගෙන් මම රුපියල් සීයක්වත් අරන් තිබුණා නම් ඉවරයි

colombotoday

කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම්

colombotoday

‘එට්කා‘ සාකච්ඡා මේ වසරෙන් ඉවරයි.. අත්සන් කිරීම ඊළගට !

colombotoday