Colombo Today Local News

රජයේ ප්‍රතිපත්තියට එකඟ නොවන නිලධාරීන්ට ඉන් ඉවත්වීමට බාධාවක් නැහැ – ජනපති

හරිත කෘෂිකර්ම ප්‍රතිපත්තිය තුළ සිටිමින් උද්ඝෝෂණවල නිරත වන ගොවීන් වෙනුවෙන් පිළිතුරු සෙවීමට නිලධාරීන් ක්‍රියා කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ, රජයේ ප්‍රතිපත්තියට එකඟ නොවන නිලධාරීන්ට ඉන් ඉවත්වීමට බාධාවක් නොමැති බවත් හිතට එකඟව වැඩ කරන කණ්ඩායමක සහය මෙම වැඩපිළිවෙළෙහි සාර්ථකත්වය වෙනුවෙන් අවශ්‍ය කරන බව ත් ය.

මහ කන්නයේ වගා කටයුතු සහ කාබනික පොහොර සැපයුම සම්බන්ධයෙන් අද (22)දින ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම කරුණු සඳහන් කර තිබේ.

මෙරට කෘෂි කර්මාන්තය මුළුමනින් ම කාබනික පොහොර භාවිතයට යොමු කරන හරිත කෘෂිකර්මාන්තයක් සඳහා ම පමණක් බව එහිදී අවධාරණය කර ඇති ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ, රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නොමැති බවයි.

රජයක් ලෙස කාබනික පොහොර බෙදා හැරීම, සහනාධාර ලබාදීම කාබනික ගොවිතැන සඳහා පමණක් බව පවසා ඇති අතර ගොවීන් නිසි ලෙස දැනුවත් කර නිවැරදි දේ ජයග්‍රහණය කරවීමට නිලධාරීන්ගේ කැපවීම අත්‍යාවශ්‍ය බව ද එහිදී අවධාරණය කර ඇත.

ගොවීන් උද්ඝෝෂණවල නිරතවීමට සහ වගා කටයුතු ප්‍රමාද කිරීමට හේතුව ඔවුන් නිසි ලෙස දැනුවත් නොවීම බව පෙන්වා දී ඇති ජනාධිපතිවරයා එලෙස ගොවීන් දැනුවත් නොකිරීම සම්බන්ධයෙන් නිලධාරීන්ට අප්‍රසාදය පළ කර තිබේ.

දිවයිනේ සියලු පළාත්වල වී ඇතුළු සෙසු භෝග වගා පිළිබඳව ජනාධිපතිවරයා දිස්ත්‍රික් මට්ටමින් නිලධාරීන්ගෙන් කරුණූ විමසා ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ, කාබනික පොහොර බෙදාහරීමේදී සිදු වූ ප්‍රමාදය නිසා මහ කන්නයේ වගා කටයුතුවලට බලපෑම් එල්ල වී ඇති බවයි.

තව ද පැවති අධික වැසි සහිත කාලගුණික තත්ත්වය එළවළු ඇතුළු භෝග රැසක අස්වැන්න අඩුවීමට බලපා ඇති බව ද එහිදී ප්‍රකාශ වී තිබේ.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ, ආණ්ඩුකාරවරුන් වන මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, අනුරාධ යහම්පත්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, යන මහත්ම මහත්මීන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ ඊට අයත් රේඛීය ආයතනවල ප්‍රධානීන්, කාබනික පොහොර නිෂ්පාදකයින් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් ව සිට ඇත.

Related posts

ගිනි ගත්‍ MT නිව් ඩයමන්ඩ් – සමුද්‍රීය පරිසර හානිය පිළිබඳ වාර්තාව නීතිපතිට

colombotoday

“මාධ්‍ය නිවේදනය මාගේ පුද්ගලික අදහසක් නොවේ” ජනමාධ්‍ය ලේකම්ගෙන්, ඇමතිගෙන් පරස්පර කතා

colombotoday

ඒකාබද්ධ විපක්ෂයේ ඉල්ලීම් ලැබෙයි.. විමල්, වාසු, දිනේෂ්, ගම්මන්පිල පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් ලෙස පිළිගනී

colombotoday

‘මේ රට බෞද්ධ රටක් කියා පිළිගැනීමට මා සූදානම් නෑ..‘ – ජාතික සංහිදියා ඇමති

colombotoday

පාස්කු ප්‍රහාරයේ විමර්ශන අසම්පූර්ණයි – නීතිපති

colombotoday

මැයි 9 ප්‍රචණ්ඩක්‍රියා සිද්ධිවලට සම්බන්ධ 1,708ක් අත්අඩංගුවට. 751 රිමාන්ඩ්

colombotoday