Colombo Today Local News

නීතිවිරෝධී ‘රටින් පිට ඊළාම් ආණ්ඩුව’ UN මානව හිමිකම් කවුන්සිලය පිළිගනී !

elaam352

ශ්‍රී ලංකා රජය තහනම් කළ රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව නමැති නීති විරෝධී සංවිධානය ජිනීවාහි එක්‌සත් ජාතීන්ගේ දේශපාලන කාර්යාලය සහ මානව හිමිකම් කවුන්සිලය විසින් පිළිගෙන ඇත.

ප්‍රභාකරන්ගේ නීති උපදේශක වී. රුද්‍රකුමාරන් මෙහෙයවන මෙම රටින් පිටත ඊළාම් ආණ්‌ඩුවේ එක්‌සත් ජාතීන්ගේ නියෝජිත ලෙස ස්‌විට්‌සර්ලන්තයේ පදිංචි මුරුගයියා සුහින්තන් නමැති කොටි හිතවාදියාට මානව හිමිකම් සමුළුව නියෝජනය කිරීමට අවසර ලැබී තිබේ.

සුහින්තන් සංවිධානය කළ ශ්‍රී ලංකාවට එරෙහි හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ස්‌ථාපිත කිරීමේ රැස්‌වීම ඊයේ (22දා) දහවල් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ අංක 4 ශාලාවේදී පවත්වා ඇත. එම රැස්‌වීමට අන්තර්ජාතික නීතිවේදීන් හයදෙනකු සහභාගි වී ශ්‍රී ලංකාවේ හමුදාවට එල්ලවී ඇති යුද අපරාධ චෝදනා විමර්ශනයට අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර විනිසුරුවරුන්ගෙන් සමන්විත හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ස්‌ථාපිත කළ යුතු බව පවසා ඇත.

රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව නමැති සංවිධානය පිළිගැනීමට පෙර එක්‌සත් ජාතීන්ගේ ජිනීවා දේශපාලන කාර්යාලය සහ මානව හිමිකම් කවුන්සිලය ඒ බව ශ්‍රී ලංකා රජයෙන් විමසා නැත.

– දිවයින

Related posts

පාරිභෝගිකයින් වෙනුවෙන් නිකුත්වෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම පාරිභෝගික පුවත්පත එළිදැක්වීම අද

colombotoday

තෙත් බිම් උද්‍යාන නවීන තාක්ෂණය ඔස්සේ ප්‍රවර්ධන වැඩසටහනට සමගාමීව බැද්දගාන උයනට කිව්.ආර් කේතයක්

Admin

විහාරස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමේ සැලැස්මක්…

colombotoday

හිටපු බුද්ධි ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නිලන්තට නිතිපති සහාය නෑ

Admin

මිරිස්කුඩු ගසා ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 45ක් කොල්ල කාලා

Admin

විකෘති සැර වෛරස ප්‍රභේද සෙවීමට තවත් ජෛව පටල සාම්පල් 90 ජ‘පුරට

colombotoday