Colombo Today Local News

පතලක් කපමින් සිටි පුද්ගයෙක් පස් කණ්ඩියක් කඩාවැටී මරුට

මැණික් සෙවීමේ අරමුණින් පතලක් කපමින් සිටි පුද්ගයෙක් එම පතලේ පස් කණ්ඩියක් කඩාවැටී එයට යටවී මියගොස් තිබේ.

එසේ මියගොස් ඇත්තේ, 58 හැවිරිදි ගල්ලෑල්ල, රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඊයේ (20) දහවල් කාලයේ දී අදාළ පුද්ගලයා විසින් වේවැල්වත්ත, දෙමෝදර ප්‍රදේශයේ හපුගස්තැන්න වතුයායට අයත් ඉඩමක පතල් කපමින් සිටියදී එම අනතුර සිදුව ඇත.

පතලේ අඩි අටක පමණ ගැඹුරේ මෙම පුද්ගලයා ඉල්ලම් කඩමින් සිටියදී පස් කණ්ඩියක් මෙම පුද්ගලයා මතට කඩාවැටී ඇති බව පොලීසිය පවසයි.

පසුව ගල්ලෑල්ල රෝහල වෙත රැගෙන යන අතරතුරදී මෙම පුද්ගලයා මියගොස් ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වේවැල්වත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

‘නුවර ගැටුමට සිංහල තරුණයන් පමණක්‌ අත්අඩංගුවට ගැනීම ගැන සැකයි’ – මාවරලේ භද්දිය හිමි

colombotoday

අගමැති අණින් නිලංග යළිත් සභාපති පුටුවට

colombotoday

ඇස් ඇර, මොළය පාවිච්චි කර සහය දෙන්න – 22 ගැන අධිකරණ ඇමතිගෙන් ප්‍රකාශයක්

colombotoday

නාමල් කුමාර අත්අඩංගුවට !

colombotoday

ශබ්ද විකාශනයෙන් පිරිත් දැම්මයි, උඩුවේ හිමි දුටු තැන අල්ලන්න වරෙන්තු

colombotoday

නීතිය නොතැකේ… “Colombo pride“ සමරිසි සැණකෙළිය මෙවරත් කොළඹදී !

colombotoday