Colombo Today Local News

මාස දෙකකට ප්‍රමාණවත් සේලයින් තියෙනවා රාජිත කිව්වෙ බොරු – සෞඛ්‍ය අමාත්‍යාංශය කයයි

රෝගි සත්කාර සේවා සඳහා මාස දෙකකට ප්‍රමාණවත් සේලයින් තොග වෛද්‍ය සැපයුම් අංශය සතුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

රෝහල් සතුව මසකට ප්‍රමාණවත් සේලයින් නොමැති බව හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න පාර්ලිමේන්තුවේදි පෙරේදා(29)දින ප්‍රකාශ කළේය.

එය අසත්‍ය ප්‍රකාශයක් බව සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කර සිටියි. මහනුවර පල්ලෙකැලේ පිහිටි සේලයින් කර්මාන්ත ශාලාව සතුව සේලයින් බෝතල් ලක්ෂ දොළහක් සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශය සතුව සේලයින් බෝතල් ලක්ෂ දොළහක් ඇති බවත් ඉදිරි කාලයේදි රෝහල් සඳහා අවශ්‍ය සේලයින් මෙරට නිෂ්පාදනය කර ලබාදිමට හැකියාව පවතින බවද සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කර සිටි.

එම නිසා රෝහල් තුළ සේලයින් හිඟයක් පවතින බවට පළවන ප්‍රකාශ අසත්‍ය බව සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

“වෙනත් අය කරලා ඒ වැරැද්ද නිසා මට අද වන්දියක් ගෙවන්න සිදුවෙලා” – පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෛත්‍රී සමාව ඉල්ලයි

Admin

ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී මාසික වැටුප සිරගත බුද්ධි නිලධාරීන්ගේ සුබසාධනයට

colombotoday

මාස 06කට ඔක්සිජන් සැපයීමේ ගැටළුවක් නැහැ

colombotoday

2023 අයවැය ධනාත්මකයි ඉදිරියේදී සහන ලැබේවි – මහින්ද රාජපක්ෂ

Admin

2023 සිට විදේශ ගමන් බලපත්‍රය ලබා දීම මාර්ගගත ක්‍රමයට

Admin

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

Admin