Colombo Today Local News

වසරේම රාජ්‍ය වියදමට වඩා මුල් මාස හතරේ ණය අරන්

මේ වසරේ මුල් මාස හතරේ ලබාගෙන ඇති ණය ප්‍රමාණය මුලු වසරේම රාජ්‍ය වියදමට වඩා වැඩි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ සහ රුහුණු විශ්ව විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාඅධ්‍යයන අංශයේ ආචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුතු පරීක්ෂණ කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී තොරතුරු අනාවරණයවී ඇත.

මෙම වසරේ ජනවාරි ආරම්භ වන විට රජයේ මුළු ණය ප්‍රමාණය රුපියල් කෝටි දාහත් ලක්ෂ පනස් අට දහස් නව සියයකි. එම ප්‍රමාණය මේ වසරේ අප්‍රේල් අවසානය වනවිට රුපියල් කෝටි විසි තුන් ලක්ෂ තිස් එක් දහසක් දක්වා වර්ධනයවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කෙරුණු වාර්තාව තහවුරු කර ඇතැයි මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසයි.

එනම් මෙම වර්ෂයේ මුල් මාස හතර තුළ පමණක් රජයේ ශුද්ධ ණය ගැනීම් වල ඉහළ යෑම රුපියල් කෝටි පන්ලක්ෂ හැත්තෑ දෙදහසක් බවද ඔහු සඳහන් කරයි.

Related posts

පරාජිතයන් පිරි පාර්ලිමේන්තුවක, ජනතාව රවටා සම්මතකර ගැනීමට යන නව ව්‍යවස්තාව කුණු කූඩයට !

colombotoday

යාපනේ ගිය සජිත් ප්‍රේමදාස හා 13 වන සංශොධනය

colombotoday

ජනාධිපතිවරණ ප්‍රහාරක සැලසුමක් පුළුල් විමර්ශන ඇරඹේ

Admin

විදුලි බිලේ කොටසක් රජය දැරීමට තීරණය කරයි

colombotoday

කුකුළේට මිලි මීටර් 150 වෙනකොට අපට කීවනම් ගංවතුර අඩුකරගන්න තිබුණා

colombotoday

උද්ධමනය අඩුවුණේ 2023 අයවැය සාර්ථකව ක්‍රියාත්මක වූ නිසායි

Admin