Colombo Today Local News

උතුරේ රත්‍රන් සෙවූ අමාත්‍යාංශ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුගේ වැඩතහනම්

මහජන ආරක්ෂක අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව එම අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයාගේ සේවය මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් වහාම අත්හිටුවා ඇත.

සම්බන්ධීකරණ ලේකම්වරයා සම්බන්ධයෙන් විවිධ මාධ්‍යයන්හි පුවත් වාර්තා වු බවත් එම වාර්තාවන් හා සිද්ධීන් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකිරීමට අමාත්‍යවරයා විසින් අදාළ අංශ වෙත ඉල්ලීමක් කර ඇතැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

යුද සමයේදී මුලතිව්, පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ වළදමා ඇති බව කියන රත්‍රන් තොගයක් රහසිගතව ගොඩගැනීමට තැත්කළ, කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ පුද්ගලික කාර්යය මණ්ඩලයට අයත් ලේකම්වරු දෙදෙනෙකු පිළිබඳව පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ඔවුන් දෙදෙනා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයාගේ සහ ධීවර අමාත්‍යවරයාගේ ලේකම්වරුන් බව වාර්තා විය.

Related posts

බදුල්ල විවෘත අධිකරණ කටයුතු අත්හිටුවයි

colombotoday

අතාවුල්ලා ‘ගල් වැද්දෝ‘ කියා වතු කම්කරුවන්ට අපහාස කරයි… දෙමළ සංවිධාන අවි අමෝරයි !

colombotoday

ජනපති හා රනිල් දුරකතන සාකච්ඡාවක

colombotoday

ජල බිල ඉහළ යන ලකුණු… වැසි ජලය භාවිතා කිරීමට හුරු කිරීමට අවධානය…

colombotoday

යහපාලනයෙන් නීතියේ ආධිපත්‍ය වලපල්ලට – ජෙෂ්ඨයා වෙනුවට කනිෂ්ඨයා ශ්‍රේෂ්ඨාධිකරණයට?

colombotoday

දරුවන් තිදෙනා පොලිසියට භාර දි මවක් දුම්රියට පනින්න හදයි

Admin