Colombo Today Local News

අයවැයෙන් විසඳුම් නැහැ.. – දිලිප් වෙදාරච්චි සභා ගැබේ බිම ඉඳ ගනී

ධීවරයන් මුහුණ දී සිටින ප්‍රශ්නවලට අයවැයෙන් විසඳුම් නැතැයි කියමින් සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතා අද (21)දින පාර්ලිමේන්තු සභා ගැබ මැදට පැමිණ බිම වාඩිවී විරෝධය පළ කළේය.

2023 අය-වැය විවාදයේ සිය කතාව කිරීමෙන් අනතුරුව සභා ගැබ මැදට පැමිණි දිලිප් වෙදාරච්චි මහතා මෙලෙස බිම ඉඳ ගත්තේය.

බහු දින යාත්‍රා දින ගණන් මුහුදේ ගිහින් මාළු අල්ලාගෙන එන බවත් ඔවුන්ට නියමිත මිලක් නොලැබෙන අතර 21වැනිදාට යෙදෙන ජාතික ධීවර දිනයේ දී ධීවරයා අනාථ වී ඇති බවත් මන්ත්‍රීවරයා කීය.

විදෙස් නැව් පැමිණ ලංකා මුහුදු සීමාවේ මාළු කොල්ලකාගෙන යන බවද චීනයේ සිට හොර රහසේ ලින්නා මාළු ලංකාවට ගෙන්වීම නිසා ලංකාවේ ධීවරයන් අල්ලන මාළු විකුණා ගන්නට නොහැකි වී තිබෙන බවද වෙද ආරච්චි මහතා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ද දැනුවත් කොට ජනාධිපතිවරයා ද දැනුවත් කළ බව කී දිලිප් වෙදාරච්චි මහතා ධීවර අමාත්‍යවරයා ද අදාළ කාරණය පිළිගත් බව සඳහන් කළේය.

අනතුරුව සිය පාර්ලිමේන්තු කතාව අවසන් කළ වෙදාරච්චි මහතා පාර්ලිමේන්තුව අවසන් වනතුරු සභා ගැබ මැද උපවාස කරන බව කියමින් මැදට පැමිණි එහි බිම ඉඳ ගත්තේය.

එම අවස්ථාවේ මුලසුනේ සිටි නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් මහතා වෙදාරච්චි මහතා ගෙන් ඉල්ලා සිටියේ පාර්ලිමේන්තුව ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා අසුනට ගොස් වාඩි වෙන ලෙසයි.

විනාඩි 10 ක පමණ කාලයක් මහා ගර්භයේ මැද බිම ඉඳගෙන සිටි දිලිප් වෙදාරච්චි මහතා අනතුරුව සිය අසුනට ගියේය.

Related posts

මාතරින් වැඩිම ඡන්ද ගත් බුද්ධිකට නොදෙන තැන සාගලට දෙන රහස…

colombotoday

අයවැයේ කැපිල්ලට එරෙහිව සියළු වෛද්‍යවරු හෙට සිට වර්ජනයේ

colombotoday

මහජන සාමය පවත්වාගෙන යාමට ජනපති ත්‍රිවිධ හමුදාවට බලය දෙයි

colombotoday

හදිසි ප්‍රහාරයකට පෙර සූදානමක්.. කොළඹ මර්මස්ථාන රකින්න හමුදාවට නියෝග…

colombotoday

විශ්වාසභංගය ගැන ජනපති-අගමැති එකඟතාවයක් නෑ – මාධ්‍ය වාර්තා ගැන ජනපති කාර්යාලයෙන් ප්‍රකාශයක්

colombotoday

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව හැර යයි

colombotoday