World

කොවිඩ් පාලනයට එරෙහි ව නෙදර්ලන්ත වැසියන්ගෙන් පොලිසියට ප්‍රහාර

නෙදර්ලන්තයේ කොවිඩ් පාලනය සඳහා පැනවූ නව කොන්දේසිවලට එරෙහිව විරෝධතාවයේ නිරත පුද්ගලයින් සහ පොලීසිය අතර ගැටුම් හටගෙන තිබේ.

එරට රොටර්ඩෑම් නගරයට එක්වූ විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා පොලීසිය ජල ප්‍රහාර එල්ල කර ඇති අතර විරෝධතාකරුවන් ගල්මුල්වලින් පොලීසිය වෙත ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කොවිඩ් මර්දන එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීම සහ නව වසරේ උදාව වෙනුවෙන් සැණකෙළි පැවැත්වීම තහනම් කිරීමට අදාළ නව කොන්දේසි හඳුන්වාදිමට නෙදර්ලන්ත රජය සැලසුම් කර තිබේ.

ඊට එරෙහිව සිය ගණනක නෙදර්ලන්ත වැසියන් මෙලෙස විරෝධතාවයේ නිරත වන බව වාර්තා වේ.

Related posts

උතුරු ටැන්සානියාවේ පතලක නායයාමක් – 22 ක් මරුට

Admin

ජපානයෙන් එක් දිනකදී වැඩිම මරණ වාර්තා වෙයි

colombotoday

බංග්ලාදේශ ඉස්ලාම් ත්‍රස්තයෝ බෞද්ධ හිමිනනමක් අමානුෂික ලෙස ඝාතනය කරයි

colombotoday

භූ කම්පනයෙන් අහිමි වූ ජීවිත ගණන 15,000 ඉක්මවයි

Admin

ඉරාකයේ බැග්ඩෑඩ් නුවරට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර 2ක්

colombotoday

ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටි 12 හැවිරිදි Noya මරයි

Admin