World

බංග්ලාදේශ ඉස්ලාම් ත්‍රස්තයෝ බෞද්ධ හිමිනනමක් අමානුෂික ලෙස ඝාතනය කරයි

bngh33

බංග්ලාදේශයේ ගිණිකොනදිග බයිෂාර් ප්‍රදේශයේ බෞද්ධ හිමිනමක් අයි.එස්. අනුගාමිකයන් විසින් අමානුෂික ලෙස ඝාතනය කර තිබෙනවා.

තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර තිබූ එම හිමිනමගේ දේහය විහාරස්ථානය තුළ තිබී සොයා ගැනුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පසුගිය කාලය පුරා අයි.එස්. ත්‍රස්තයන් විසින් බංග්ලාදේශය පුරා ඉස්ලාම් නොව ආගමිකයන් රැසක් ඝාතනය කර තිබූ අතර, ඉස්ලාමයට එරෙහිව මත දැක්වූ විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, සමාජ ක්‍රියාකාරීන්ද ඔවුන්ගේ ගොදරු බවට පත්වුණා.

ෂියා මුස්ලිම් ජාතිකයන්ද එරට සුන්නි ඉස්ලාම් ත්‍රස්තයන්ගේ ඉලක්කයක්.

අතීතයේ බෞද්ධ රාජ්‍යයක් වූ බංග්ලා‍දේශය මේ වන විට බහුතරය සුන්නි ඉස්ලාම් භක්තිකයන් වන අතර සුළුතර බෞද්ධ ප්‍රජාවට එරෙහිව එල්ලවන ප්‍රචන්ඩ ක්‍රියා පිළිබදව නිරන්තරයෙන්ම එරටින් වාර්තා වනවා. දැඩි මතධාරී ඉස්ලාමීය අන්තවාදය මේ වන විට බංග්ලාදේශ මුස්ලිම් සමාජයද ආක්‍රමණය කරමින් සිටින අතර එය පාලනය කිරීමට එරට රජයද අපොසත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

Related posts

ඌරු හදවත් බද්ධයකට ලක් වුණු ලොව පළමු මිනිසා මියයයි

colombotoday

කොරෝනා වෛරසය පැතිරූ ඉන්දීය තබ්ලික් ජාමාත් නායකයාට මිනීමැරුම් චෝදානා

colombotoday

ගාසා ප්‍රධාන රෝහල ගැන WHO අනතුරු අඟවයි

Admin

ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන කෝටි 9 ඉක්මවා යයි.

colombotoday

මියන්මාරයේ රන් කන්ද නාය යයි… අනූවක් වැළලෙයි

colombotoday

මියන්මාර් හමුදාවට එරෙහිව UN මානව හිමිකම් නිර්දේශ, මියන්මාර් රජය ප්‍රතික්ෂේප කරයි

colombotoday