Colombo Today Local News

ඇඹිලිපිටියේ ‘පොලිස් බොරු’අතේ පත්තුවෙයි. ගෝෂාවක් ඇතැයි 119ට කීවේ පොලීසියෙන්මයි

ambillipitiya poloice attackදැරිවියක් වැඩිවියට පත්වීමේ ප්‍රීතිය සමරමින් ඇඹිලිපිටියේ නිවසක පැවැති ප්‍රිය සාදයකට ‍පොලීසිය ගියේ එහි අධික ඝෝෂාවක් නැගෙන බවට ප්‍රදේශවාසීන්ගෙන් ඇඹිලිපිටිය ‍පොලීසියේ දුරකථනයට හා 119 හදිසි ඇමතුම් අංශයට ලද ඇමැතුමකට අනුව බව ‍පොලීසිය නිල වශයෙන් සඳහන් කළ ද විමර්ශනවලින් දැන් අනාවරණය වී ඇත්තේ එම ඇමැතුම් ‍පොලිස් නිලධාරියෙකුගේ ජංගම දුරකථනයකින් ලබා දී ඇති බවය.

එම ඇමතුම ලබා දී ඇත්තේ ද එම ප්‍රියසාදය පැවැති නිවසට ගොස් මත්පැන් බෝතල් දෙකක් ඉල්ලා ගැටුමක් ඇති කර ගත්තේ යැයි ප්‍රදේශවාසීන් විසින් කියනු ලබන ‍පොලිස් නිලධාරීන් සිව් දෙනා අතර සිටි නිලධාරියෙක් විසින් බව ද හෙළි වී ඇත.

ඇඹිලිපිටිය ‍පොලීසියේ දුරකථනයට එම නිලධාරියාගේ ජංගම දුරකථනයෙන් ඇමතුම ලබා දී ඇත්තේ ඔවුන් ප්‍රියසාදයේ පැවැති නිවසේ නිවැසියන්ගෙන් මත්පැන් බෝතල් ඉල්ලා කලහකාරී ලෙස හැසිරීමෙන් පසුව බව විමර්ශනවලින් පෙනී යන බව ‍පොලිස් තොරතුරු අනාවරණය කළේය.

දැනට කෙරී ඇති මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති තොරතුරු අනුව ඇඹිලිපිටිය ‍පොලීසියේ නිලධාරීන් ප්‍රියසාදය පැවැති නිවසට ගොස් ඇත්තේ එහි ඝෝෂා පවතින බවට ‍පොලීසියට කිසිදු පැමිණිල්ලක් හෝ දුරකථන ඇමතුමක් ලැබි නොමැතිව තිබියදී බවද ‍පොලිස් තොරතුරු සඳහන් කරයි.

මත්පැන් ඉල්ලා ගැටුම ඇති කර ගත් කණ්ඩායමේ සිටි නිලධාරියා ඔහුගේ ජංගම දුරකථනයෙන් ‍පොලීසියට ලබා දුන් දුරකථන ඇමතුමෙන් පසු සහකර ‍පොලිස් අධිකාරීවරයාත් මූලස්ථාන ‍පොලිස් නිලධාරියා ඇතුළු කණ්ඩායම ප්‍රියසාදය පැවැති ස්ථානයට පැමිණ පහරදී තිබෙන බව විමර්ශනවලින් පෙනී යන බව ‍පොලිස් තොරතුරු අනාවරණය කළේය.

නිල ඇඳුමින් සිටි ‍පොලිස් නිලධාරියෙකු ප්‍රියසාදය පැවැති නිවසේ සිරකරගෙන සිටි නිසා ඔහු බේරා ගැනීමට තමන් එම ගොඩනැගිල්ලට ඇතුළු වූ බව ‍පොලීසිය නිල වශයෙන් පැවැසුවත් එසේ කිසිදු නිලධාරියෙකු සිරකරගෙන සිට නැති බවත් නිල ඇඳුමින් සිටි නිලධාරීන් සිට ඇත්තේ මහ පාරේ බවත් විමර්ශනවලින් පැහැදිලිව අනාවරණය වී ඇතැයි ‍පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කළේය.

– ලක්බිම

Related posts

සාම්පූර් සෝලා විදුලිබල උද්‍යානයේ පළමු අදියරට බලපත්‍රය නිකුත් කරයි

Admin

CID මෙහෙයුමකින් බදියුදීන්ගේ කෝටි ගණනක ගැහිලි එළියට… හංගපු ෆයිල් 67ක් හමුවෙයි.. හොර ගනුදෙනු, අක්කර සිය ගණනක ඉඩම් ඔප්පු ඒ අතර…

colombotoday

ඇමති බන්දුල පකිස්ථාන අගමැති හමුවෙයි

colombotoday

ජගත් ජයසූරිය ගැන ෆොන්සේකාගේ මතය අගමැති රනිල් අනුමත කරයි !!

colombotoday

ඇසළ පුන් පොහෝ දිනය අදයි

colombotoday

ජපානයේ ආගමික වැඩසටහන අවලංගුයි.. ඥාණසාර හිමි රටින් නොයයි..

colombotoday