Colombo Today Local News

සිංහරාජ සීමාවට ඇතුළත් පෞද්ගලික ඉඩම් 300ක් ‍රජයට පවරා ගැනීමට පියවර

ලෝක උරුම සිංහරාජ වනාන්තර සීමාවට ඇතුළත් පෞද්ගලික ඉඩම් 300 ක් ඉඩම් අමාත්‍යංශය හරහා රජයට පවරා ගැනීමේ කටයුතු ආරම්භ කළ බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

අක්කර 8,000 ක වපසරියක භූමියක් මේ යටතේ වනාන්තරකරණයට ලක් කරන බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

සිංහරාජ වනාන්තරය පුළුල් කිරීමේ වැඩපිළිවෙළ යටතේ 2019 වසරේදී එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හෙක්ටෙයාර් 35,000 ක් වපසරියක් සිංහරාජ වනාන්තරයට අයත්වන ලෙස ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කළේ ය.

ඒ යටතේ මෙම පෞද්ගලික ඉඩම් වනන්තාරයට ඇතුළත් වූ බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මැනුම් කටයුතුවලින් අනතුරුව අදියර කිහිපයක් යටතේ එම ඉඩම්වලට වන්දි ලබාදීමට කටයුතු කරන බවද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

පොල්දූවේදී හමුදා සෙබළකුට පහරදී පැහැරගත් ගිනි අවියක් සමනල පාලම අසලින් හමු වෙයි

colombotoday

මවක් 14 හැවිරිදි දිය­ණි­යට වඳ සැත්ක­මක් කර තරු­ණ­යකු සමඟ නිවෙසේ ජීවත් වෙන්න ඉඩදීලා

colombotoday

දඹුල්ල සිංහල සංවිධාන රැස්වීම අතරතුර ගැටුමක් ඇතිකිරීමේ සුදානමක්

colombotoday

බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය අද කතානායකට… විරුද්ධවන සියල්ලම දේශද්‍රෝහීන්….

colombotoday

ලංගම සේවකයෝ බස් ධාවනය ඇතුළු සියලුම සේවාවලින් ඉවත් වෙති

colombotoday

පිස්සු හුටංලා එක්වී රේගුවට කරනා විනේ

colombotoday