Colombo Today Local News

ලාංකික සම්භවයක් ඇති දැරියක් අයින්ස්ටයින්ගේ – හෝකින්ස්ගේ බුද්ධිය පරදයි

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය ජාතික 10 හැවිරිදි අරියානා දඹරවැවහේවගේ දැරිය පිළිබඳව මුළු ලෝකයේම අවධානය යොමුව ඇත.

අරියානා දැරිය ඇල්බර්ට් අයින්ස්ටයින් සහ ස්ටීවන් හෝකින්ස්ගේ බුද්ධි (අයි.කිව්) මට්ටම ඉක්මවා යාම හේතුවෙන් මෙසේ ලෝකයේම අවධානය ලබා ගැනීමට සමත්ව තිබේ. අරියානා තම දෙමව්පියන් සමග හඩර්ස්ෆීල්ඩ් නගරයේ ජීවත් වෙයි.

හඩර්ස්ෆීල්ඩ් හි ශාන්ත පැට්‍රික් කතෝලික පාසලේ අධ්‍යාපනය ලබන අරියනා බුද්ධි මට්ටම් මැන බැලීම සඳහා තිබෙන “මෙන්සා අයි.කිව්” පරීක්ෂණයට මුහුණදී ඇති අතර එහිදී ලකුණු 162 ලබා ගැනීමට සමත්ව ඇත. ඇල්බර්ට් අයින්ස්ටයින් සහ ස්ටීවන් හෝකින්ස්ගේ ඇස්තමේන්තුගත බුද්ධි මට්ටම ලකුණු 160 කි.

ශ්‍රී ලංකාවේ මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ඔවුන් 2009 වසරේදී පදිංචිය සඳහා බ්‍රිතාන්‍යට ගොස් තිබේ. අරියානා පවසන්නේ තම බලාපොරොත්තුව ද ප්‍රසිද්ධ විද්‍යාඥවරියක වීම බවය. අරියානා ගේ විනෝදාංශය පොත් කියවීම බව පැවැසෙයි.

මෙන්සා හි ඉහළ බුද්ධි මට්ටමක් ඇති සමාජයට එකතු ලෙස ආරාධනා ලැබී ඇති බවත් ඇය මෙම පරීක්ෂණයට මුහුණදුන් ඉහළ බුද්ධි මට්ටමක් ඇති සියයට 2 ක ප්‍රතිශතයට අයිතිවන බවත් මෙන්සා සංවිධානය පවසා ඇත.

Related posts

“සංහිදියාව හදන වැඩේ මට හරියට කරගන්න දෙන්නෑ.. චන්ද්‍රිකා ඇගිලි ගහනව“ – සංහිදියා ඇමති

colombotoday

දූෂණ අක්‍රමිකතා ගැන නිමක් නැති පැමිණිළි… කොළඹ පුරපතිනී රෝසිට ජනපතිගෙන් හිදිසි කැදවීමක් !

colombotoday

යතුරුපැදි සොරම් කල තිදෙනෙක් දැලේ

colombotoday

රතු කුරුස සංවිධානයේ මහලේකම් සහ අගමැති අතර හමුවක්

colombotoday

(Video)ජාතියේ ඉරණම තීන්දු කරන ව්‍යවස්ථා මර උගුල අටවන්නේ මෙහෙමයි

colombotoday

වවුනියාවේ දෙමල ගම්මාන දෙකක් අතර කුල ගැටුමක්

colombotoday