Colombo Today Local News

“ජාතික ආරක්ෂාවට බ්‍රිතාන්‍ය මැදිහත් වෙයි” බ්‍රිතාන්‍යයෙන් ලංකාවට ආරක්ෂක උපදේශකයෙක් !

sl armyශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සදහ උපදෙස් ලබා දීමට විශේෂ අනේවාසික ආරක්ෂක උපදේශකයෙකු පත් කිරීමට බ්‍රිතාන්‍ය රජය විසින් පියවර ගන්නා බව දිවයිනට පැමිණ සිටින බ්‍රිතාන්‍ය විදේශකටයුතු අමාත්‍ය හියුගෝ ස්වයර් ඊයේ ප්‍රකාශ කලේය.

කොළඹ කිංස්බරි හෝටලයේ පැවති සමුළුවකට සහභාගීවෙමින් ඔහු වැඩිදුරටත් පැවසූවේ මොල්ටා රාජ්‍යයේ ඉකුත් ව‍සරේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් අතර පැවති හමුවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි.

මෙම ආරක්ෂක උපදේශකයා පත්කිරීමත් සමග ශ්‍රී ලංකාව හා බ්‍රිතාන්‍ය අතර සම්බන්ධතා වර්ධනය කිරීමටත් ආරක්ෂක අංශ ඒකාබද්ධ වී කටයුතු කිරීමටත් හැකියාව උදාවන බවයි.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත වූ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ යෝජනාවලියේ නිර්දේශ මේ වසරේ ජූනි මාසයට පෙර ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංක රජය පියවර ගත යුතු බවද බ්‍රිතාන්‍ය වි‍දේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණිමට පෙර විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

Related posts

ෂරියා මේ රටට එන්න ඕන.. දෙමාපියන්ට මිදෙන්න බැරි ‘ශිර්ක් කුෆර්’ගැන කියන ෂැංග්‍රිලා බෝම්බකරුගේ හඬ පටය

colombotoday

අලිවත්තේ අසිත මාට්ටු

colombotoday

ඉදිරි පැය 30 තුළ සුළි කුණාටු තත්වයක් ඇති වීමේ අවදානමක්

colombotoday

සුදත්ත රූපවාහිනී සභාපතිධූරයට?

Admin

“කුම්බලා මාළු කෑවා නම් විඳවාපන් බළලෝ.. උපවාස කරාට ඇප දෙන්නෑ“ – අනුර දිසානායක

colombotoday

පුද්ගලයකුට පහර දීම : මාළු අමුවෙන් කෑ දිලිප් වේද ආරච්චිගේ පුත්‍රයා අත්අඩංගුවට.

colombotoday