Colombo Today Local News

බිරිදට පෙම්බැදි මිතුරාව ඝාතනය කළ පුද්ගලයාට මරණ දඬුවම

තම මිතුරාව ඝාතනය කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙක්ට මරණ දඬුවම නියම කිරීමේ සිද්ධියක් ගම්පහ මහාධිකරණයෙන් වාර්තා විය.

ඒ අනුව ගම්පහ අංක 01 මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අදාළ චූදිතයාට මරණ දණ්ඩනය නියම කළේය.

2006 වසරේදී තම මිතුරෙක්ව නිදියහනේදී ගෙලකපා ඝාතනය කළ බවට මහින්ද රත්නායක නමැති එම විත්තිකරුට එරෙහිව චෝදනා එල්ලවී තිබුණි.

චූදිතයා 42 හැවිරිදි, ආණමඩුව මහදිවුල්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වතුපිටිවල, යටියන ප්‍රදේශයේ පිහිටි තාවකාලික නවාතැන්පොළකදී එවකට 22 වියේ පසුවූ චමින්ද බණ්ඩාර නමැත්තාව 2006 නොවැම්බර් 30 වනදා හෝ ඊට ආසන්න දිනකදී ඝාතනය කර තිබූ බව අධිකරණයේදී හෙළිවිය.

විත්තිකරු සහ මරණයට පත්කර තිබූ පුද්ගලයා එකම ස්ථානයක සේවය කර තිබූ අතර විත්තිකරු විවාහ වී සිටියේ ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ ඥාති සහෝදරියක් සමගිනි.

එම තැනැත්තිය සහ මරණකරු අතර අනියම් සම්බන්ධයක් ඇති බවට ඇතිවූ සැකය මත එම ඝාතනය සිදුකර ඇති බවට මහාධිකරණයේදී ප්‍රකාශ වී තිබේ.

Related posts

ජනපති ජනවරමට පිටුපෑවා… මැතිසබය විසුරුවීම නිසා රටේ නම කැතවුණා… මම සිත් වේදනාවෙන් – හිටපු අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday

නිරෝධායන නීතියට අභියෝග කරන්න රනිල් සුදානම් වෙයි

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 198ක් දක්වා ඉහළට

colombotoday

හර්ෂ ද සිල්වාගෙන් හිස් වූ කෝප් කමිටුවේ පුටුවට චරිත හේරත් නම් කරයි

colombotoday

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහිව දෙමළ සන්ධානය සහ මුස්ලිම් කොංග්‍රසය ජනතා සහය පතයි.

colombotoday

දෙමළ ජනතාවටත් ස්වයං තීරණ අයිතියට දේශපාලන බලයක් ඕනා

colombotoday