Colombo Today Sports News

LPL කොළඹ කණ්ඩායමේ හිමිකාරිත්වය අශෝක් පතිරගේට

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගිවන ප්‍රධානම කණ්ඩායමක් වන කොලොම්බෝ ස්ටාර්ස් හි හිමිකාරිත්වය සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී හි නිර්මාතෘ සහ සභාපති ලෙස අශෝක් පතිරගේ විසින් ලබාගෙන ඇත.

දිවයිනේ ප්‍රමුඛතම විස්සයි20 ක්‍රිකට් තරඟාවලිය වන LPL හි දෙවන තරග වාරය 2021 දෙසැම්බර් 05 වන දින ආරම්භ වීමට නියමිතය.

‘සොෆ්ට්ලොජික්’ යනු සිල්ලර, සෞඛ්‍ය සේවා, මූල්‍ය සේවා, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, මෝටර් රථ සහ විවේකය යන ප්‍රධාන පාරිභෝගික කේන්ද්‍රීය ව්‍යාපාරික අංශවල අනුබද්ධිත සමාගම් හරහා බහු-සන්නාම, බහු-නාලිකා පිරිනැමීමේ සේවා ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයකි.
LPL තරඟාවලියට පිවිසීම පිළිබඳව අදහස් දක්වමින් සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස්හි සභාපති අශෝක් පතිරගේ පවසන්නේ තරඟාවලියට පිවිසීමට ලැබීම ගැන තමන් අතිශයින් සතුටට පත්වන බවයි.

“මෙය ලෝකයේ වැඩිම ඉල්ලුමක් ඇති තරගාවලියක් බවට පත්වීමට නියමිත අතර ඉදිරි වසර කිහිපය තුළ එහි වර්ධනයට සහ විකාශනයට දායක වීමට අපට අවශ්‍යයි. එමනිසා ඉදිරි වාරය ආරම්භ වන තෙක් අපට බලා සිටිය නොහැකියි. අපගේ කණ්ඩායම උපරිමයෙන් ක්‍රීඩා කර හොඳම ප්‍රතිඵල ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.” යැයි හෙතෙම සඳහන් කරයි.

2020 නොවැම්බර් 26 සිට දෙසැම්බර් 16 දක්වා හම්බන්තොට මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ජෛව ආරක්ෂිත බුබුලක් යටතේ ක්‍රීඩා කළ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) පළමු තරගාවලිය රූපවාහිනී සහ සමාජ මාධ්‍ය හරහා මිලියන 557ක ප්‍රේක්ෂක සංඛ්‍යාවක් වෙත ගමන් කළ බව එහි සංවිධායකයෝ පවසති.

‘ජැෆ්නා ස්ටැලියන්ස්’ කණ්ඩායම පළමු තරගාවලියේ ජයග්‍රාහකයන් වූ අතර, Sky Sports, Sony Sports Network, Geo, PTV සහ Willow TV මගින් සජීවීව විකාශය කරන ලද LPL තරඟ ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය, එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, කැනඩාව, අයර්ලන්තය සහ නවසීලන්තය යන රටවල ප්‍රේක්ෂකයන් වෙත ලඟාවිය.

Related posts

අද තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශ කණ්ඩායමට

Admin

භානුක ක්‍රිකට් ආයතනයට සුවිශේෂී ලිපියක් යවයි

colombotoday

2020 IPL තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී

colombotoday

නව ටෙස්ට් ක්‍රිකට් සංචිතය ප්‍රකාශයට

Admin

IPL තරගාවලිය සතියකට අත්හිටුවයි

colombotoday

තුන්වන තරගයෙන් ලකුණු 19ක ජයක් ශ්‍රී ලංකාවට – 3-0 ලෙස තරගාවලියම ජයගනී

colombotoday