World

පෙම්වතිය මරා කොටස් 35කට කපා ශීතකරණයක දමලා – මාස 6කට පසු සුලමුල හෙළිවෙයි

ඉන්දියාවේ දිල්ලි අගනුවර පොලිසිය විසින් 27 හැවිරිදි ශ්‍රද්ධා වෝල්කාර් නැමැති කාන්තාව ඇයගේ පෙම්වතා විසින් ඝාතනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ශ්‍රද්ධා වෝල්කාර් පසුගිය මැයි මාසයේදී ඝාතනයට ලක් වී ඇති නමුත් ඇයගේ පියා විසින් ඇය අතුරුදන්ව ඇති බවට වාර්තා කිරීමෙන් පසු ඇයගේ මරණය අනාවරණය වූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ශ්‍රද්ධාගේ හිස් කබල, ජංගම දුරකථනය, මිනීමැරීම සඳහා භාවිතා කළ අවිය තවමත් අතුරුදන් බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය මැයි 18දා ඇති වූ ගැටුමකින් පසු ඇයගේ ගෙල සිරකර මරා දැමු බවයි ඇයගේ පෙම්වතාවන අෆ්තාබ් අමීන් පූනාවල පවසා තිබෙන්නේ.

පසුව අෆ්තාබ් විසින් පසු දිනයේ අධිශීතකරණයක් සහ පිහියක් මිල දී ගෙන ඇයගේ සිරුර කැබලිවලට කපා අධිශීතකරණයේ ගබඩා කළ බවත් ඔහු පවසා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රාත්‍රියේදී ඔහු සිරුරු කොටස් පිටතට ගෙන අසල වනාන්තර ප්‍රදේශවලට බැහැර කළ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

ශ්‍රද්ධා වෝකර්ගේ සිරුරේ කොටස් 35ක් ඇයව මරා දැමීමෙන් පසු වනාන්තරයට ඉවත් කළ බව අෆ්තාබ් විසින් ප්‍රකාශ කර තිබේ.

ඉන් පසුව වනාන්තරයෙන් ඇටකටු 10-13 ක් පොලිසිය විසින් සොයා ගෙන තිබේ.

වැඩි දුරටත් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

“ඉස්ලාම් අන්තවාදීන් දෙවියන්වහන්සේටත් අපහාස කරනවා” – ෆ්‍රැන්සිස් පාප් තුමා

colombotoday

ආසියාවට කොරෝනා වසංගතය බෙදූ, පුද්ගලයින් 16,000 ක් සහභාගී වූ තබ්ලික් ජමාත් සමුළුව

colombotoday

ඉන්දීය නළු සෞමිත්‍රා චැටර්ජි මිය යයි

colombotoday

ක්‍රිකට් පිටියට එන මසායි ගෝත්‍රිකයෝ

colombotoday

ඉස්ලාම් අන්තවාදීන් ගුරුවරයෙකුගේ හිස ගසා දැමීමත් සමගම ප්‍රංශය නබි තුමාගේ චාලි හෙබ්ඩෝ කාටුන් පෙන්වයි

colombotoday

ජපාන අගමැති ලෙස ෆූමියෝ කිෂීඩා පත්වෙයි

colombotoday