Colombo Today Local News

සජබ පෙළපාලියට නොච්චියාගමදී පොලීසියෙන් හරස් වෙයි

සමගි ජනබල වේගය මගින් කොළඹ දී පැවැත් වීමට නියමිත උද්ඝෝෂණයට නොච්චියාගම ප්‍රදේශයෙන් සහභාගී වන පිරිස් රැගත් බස් රථ සඳහා ගමන් කිරීමට ඉඩ නොදීමට අද (16) උදෑසන පොලීසිය කටයුතු කිරීමත් සමග උණුසුම් තත්වයක් ඇතිවිය.

නොච්චියාගම නගර මධ්‍යයේ සිට මෙම පිරිස ගමන් ආරම්භ කිරීමට සුදානම්ව සිටි අවස්ථාවේදී නොච්චියාගම පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් පවසා සිටියේ නිසි බළධාරියකුගෙන් අවසර ගෙන නොමැති නිසා සෞඛ්‍ය නීති වලට අනුව බස්රථ සදහා ගමන් කිරීමට අවසර ලබා දිය නොහැකි බවයි.

මෙහිදී උරණ වු පිරිස අනුරාධපුර පුත්තලම මාර්ගය ‍හරස් කරමින් සෙසු වාහන වලටද ගමන් කිරීමට බාධා ඇති කළහ. අනතුරුව විකල්ප මාර්ග යොදාගනිමින් මාර්ගයේ ගමන් ගත් වාහන සදහා ගමන් කිරීමට පොලීසිය කටයුතු කළේය.

හිටපු අමාත්‍ය වරුන් වන පීහැරිසන්,චන්ද්‍රානි බංඩාර,සහ හිටපු පළාත් සභා මංත්‍රී අරුණ බුද්ධීක ගුණසේකරනොච්චියාගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායක සමරකෝන් රත්නායක මහතාද පැමිණ පොලීසිය සමග සාකච්ඡා කලද පොලීසිය බස්රථ සදහා පිටත් වීමට අවසර ලබා නොදුන්නේය.

මෙහිදී පිරිස සහ පොලීසිය අතර උණූසුම් වචන හුවමාරුවක්ද සිදු විය.පිරිස විරෝධතා පාඨ කියමින් පැයකට ආසන්න කාලයක් මාර්ගය හරස් කරමින් රැදී සිටියේය.

අනතුරුව විකල්ප මාර්ගයක් ඔස්සේ කොළඹ දක්වා ගමන් කරන බව පවසා බස් රථ නැවත හරවාගනිමීන් පිරිස පිටත්ව ගියහ.

Related posts

ඇවන්ගාඩ් ව්‍යාපාරය විනාශ කළාට මිලියන 840ක් වන්දි ගෙවන්න වෙයි.. අධිකරණයෙන් තීන්දුවක්

colombotoday

වෙන්නප්පුවේ යකා නැටූ එජාප මන්ත්‍රීවරියගේ පියා කසිප්පු සමග මාට්‌ටු.

colombotoday

ගල්කිස්ස-සොයිසාපුර වෙඩි තැබීමේ සිද්ධිය හා සම්බන්ධ ප්‍රධාන සැකකරු මරුට

colombotoday

බුර්කාවක් හැඳගත් කාන්තාවට ජනතා විරෝදය. පොලිසියත් මැදිහත් වේ

colombotoday

දයාසිරි කල චෝදනා වලට එරෙහිව CEYPETCO නීති මගට

colombotoday

පාක්ෂිකයාට සැලකු රවී කරුණානායක බැඳුම්කර බිල්ලට ගැනීමේ කට්ටඩියා තිලක් මාරපනයි – මෛත්‍රී ගුණරත්න

colombotoday