Colombo Today Local News

උද්ඝෝෂණ සහ පෙළපාළි සංවිධාන කළ සජබ සංවිධායකවරුන්ට වැඩ වරදී?

සෞඛ්‍ය නීති කඩකරමින් උද්ඝෝෂණ සහ පෙළපාළි සංවිධාන කළ සංවිධායකවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් දැනටමත් විමර්ශනයක් අරඹා කරුණු සොයා බලා ගෙන යන බවද හෙතෙම සඳහන් කළේය.

සමගි ජන බලවේගය සංවිධානය කළ උද්ඝෝෂණයක් විවිධ ප්‍රදේශවලින් කැදවූ ජනතාව සහභාගි කරවා ගෙන කොළඹදී අද පැවැත්විණ.

මේ අතර උද්ඝෝෂණ රැස්වීම් සහ ජන ඒකරාශී වීම තහනම් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් පෙරේදා (15)දින නිකුත් කරනු ලැබීය. මෙම උද්ඝෝෂණය පැවැත්වුණේ එම සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහය නිකුත් කිරීමෙන් පසුවය.

Related posts

පක්ෂ 12ක නියෝජිතයින් ඇමති විමල්ගේ නිවසට

colombotoday

තනතුරින් ගියත් හිටපු ඇමැතිවරු තවමත් නිල නිවාස වල

colombotoday

සෞඛ්‍යය වර්ජනය අඛණ්ඩව

Admin

දුම්රිය ස්ථානාධිපතිවරු වැඩ වර්ජනයක

colombotoday

පවතින උෂ්ණත්වය නිසා අක්ෂි ආබාධ

Admin

ඩීසල් රැගත් නෞකාවක් හෙට දිවයිනට!

colombotoday