Colombo Today Local News

රුසියාවේ නිෂ්පාදිත මිසයිල ප්‍රහාරයක් පෝලන්තයට

රුසියාවේ නිෂ්පාදිත මිසයිලයක් පෝලන්තයට එල්ල වීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගිය බව පෝලන්ත මාධ්‍ය වාර්තා කළේය.

මිසයිලය දියත් කළ ස්ථානය සහ පෝලන්තයට මිසයිලය එල්ල වූ හේතුව තවමත් පැහැදිලි නැතැයි පෝලන්ත මාධ්‍ය පෙන්වා දුන්නේය.

මිසයිල ප්‍රහාරය සමග රුසියානු – යුක්රේන යුද්ධය නේටෝ සංවිධානයේ රටවලටද පැතිර යාමේ බියක් හට ගෙන ඇතැයි පෝලන්ත මාධ්‍ය සඳහන් කළේය.

යුක්රේනයට මාසයක කාලයකදී එල්ල කළ දරුණුතම මිසයිල ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේ මෙම මිසයිලය පෝලන්තයේ ගම්මානයකට එල්ල වූ බවට යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි රුසියාවට චෝදනා කරන බව පෝලන්ත මාධ්‍ය පැවසුවේය.

යුක්රේනය සාම සාකච්ඡා වලට පැමිණීමට ඉදිරිපත් කරන කොන්දේසි පිළිගත නොහැකි බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව රුසියාව මිසයිල 85 යුක්රේනයට එල්ල කළේය.

කෙසේ නමුත් රුසියාව මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරන අතර තමන් පෝලන්තයට මිසයිල එල්ල නොකළ බව පැවසුවේය.

පෝලන්තය නේටෝ සංවිධානයේ සාමාජිකයෙකු වන අතර මිසයිලය එල්ල වීමත් සමග තම හමුදා සුදානමින් තබන බවත් නේටෝ සංවිධානයේ හතර වෙනි වගන්තිය ක්‍රියාත්මක කරමින් නේටෝ සංවිධානයේ රැස්වීමක් කැඳවීමට බලාපොරොත්තු වන බවත් පෝලන්ත බලධාරීහු ප්‍රකාශ කළහ.

පෝලන්ත මාධ්‍ය සිද්ධිය සම්බන්ධයෙන් ඡායාරූප නිකුත් කළත් එහි සත්‍ය අසත්‍යතාව තහවුරු කළ නොහැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Related posts

51 වන මානව හිමිකම් සැසිවාරයට කාවින්ද ජිනීවා යයි

colombotoday

සෞඛ්‍ය අංශයේ මේවන විට බරපතල වංචා සිදුව ඇතැයි ප‍්‍රකාශ කිරීම සම්බන්ධව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සීඅයිඞී කැඳවයි

colombotoday

කුල භේදය අවුස්සලා..! TNA මන්ත්‍රීට එරෙහිව කිලිනොච්චියේ විරෝධතා..

colombotoday

9 වෙනිදා මීගමුවේ පහරදී මංකොල්ල කෑම්: පල්ලියේ සීනුව නාද කර මිනිස්සු රැස් කළා. ව්‍යාපාර විනාශ කළා. – කතෝලික යුවලක් සියල්ල හෙළිකරයි.

colombotoday

අන්තර්ජාලය හරහා හරක් කටාගේ මුදල් මෙහෙයවූ පරිගණක ඉංජිනේරුවා කොටුවෙයි

Admin

නීති විරෝධීව ගෙන ආ චොකලට් සහ ආලේපන තොගයක් වටලයි

colombotoday