Colombo Today Local News

කැලණිය සරසවියේ නවක වධයක් ගැන පොලිසියට පැමිණිල්ලක්

කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් නවක වධය ලබා දීම පිළිබඳව එම විශ්වවිද්‍යාලයේ ම දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු ඊයේ (31) දින කිරිබත්ගොඩ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

පැමිණිලිකරු රාගම රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

නවක වධයට මුහුණ දුන් ශිෂ්‍යයා ඊයේ සවස 3.00ට පමණ දේශන අවසන් වීමෙන් පසු ක්‍රීඩා පුහුණුව සඳහා විශ්වවිද්‍යාලයේ ක්‍රීඩාගාරය වෙත යමින් සිටියදී ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් ඔහුගේ බාහිර පෙනුම සම්බන්ධයෙන් දෝෂාරෝපණය කර ඔහුට කොණ්ඩය සහ රැවුල බූගා දමන ලෙස ත් සපත්තු නොදා සෙරෙප්පු දමන ලෙසට ත්, අත්ඔරලෝසු නොපළඳින ලෙසට ත් පවසා තිබේ.

එම සිසුවා එයට විරුද්ධ වීම හේතුවෙන් ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිස පැමිණිලිකාර ශිෂ්‍යා ආපන ශාලාවක් වෙත රැගෙන ගොස් ඉන් ජ්‍යෙෂ්ඨ සිසුන් තිදෙනෙකු ඔහුගේ මුහුණට හා ඇඟට පහර දී ඇත.

පහර දීම සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ සිසුන් 7 දෙනෙකු පමණ සිටි බව ත් ඔවුන් නම් වශයෙන් නෙදන්නා බව ත් නැවත දුටුවහොත් හඳුනාගත හැකි බව ත් පැමිණිල්ලේ වැඩිදුරට ත් සඳහන් කර ඇති බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් හා සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කිරිබත්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

පුංචි ඡන්දෙට නාම යෝජනා කැඳවීමේ ගැසට් නිවේදනය ජනවාරියේ

Admin

සර්වපාක්ෂික හමුව එකගතාවයෙන් තොරව අවසන්… මැතිසබේ හෙටත් ගිනියම්වන ලකුණු…

colombotoday

ඔන්ලයින් පන්තියේදී හමුවූ බාලවයස්කාර පෙම්වතියව අම්මයි පුතයි උස්සන් ගිහින්

colombotoday

පිපිරීමෙන් කඳවුරට වෙච්ච විනාශය (PHOTOS)

colombotoday

බැඳුම්කර ජනපති කොමිසමේ සාක්කි විමසීම අත්හිටුවයි !

colombotoday

වරාය නගර කෙටුම්පත වැඩි චන්දයෙන් සම්මතයි.

colombotoday