Colombo Today Local News

මත්ද්‍රව්‍ය කිලෝ 250ක් සමග විදේශිය ධීවර යාත්‍රාවක් ජාත්‍යන්තර මුහුදේදී නාවික හමුදා භාරයට

මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් තවත් විදේශිය ධීවර යාත්‍රාවක් ජාත්‍යන්තර මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ.

එම යාත්‍රාවේ තිබී උර 9ක් තුළ පැකට් 225ක් ලෙස අසුරන ලද මෙම මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් 250ක් පමණ වෙතැයි නාවික හමුදා පවසයි.

එම ධීවර යාත්‍රාවක් සිටි විදෙස් සැකකරුවන් 06 දෙනෙකු සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව පවසයි.

ශ්‍රී ලංකා නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් මත පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය හා එක්ව නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 900ක් ඈත මුහුදේ මෙම විශේෂ මෙහෙයුම සිදුකර තිබේ.

එම මත්ද්‍රව්‍ය රැගත් විදේශීය ධීවර යාත්‍රාව සහ එම යාත්‍රාවේ සිටි විදේස් ජාතික සැකකරුවන් 06 දෙනා මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක ආරක්‍ෂාව යටතේ ගොඩබිම වෙත රැගෙන එමින් සිටින බව වාර්තා වෙයි.

Related posts

එක්සත් ජාතීන්ගෙන් ශ්‍රී ලංකාව ගැන නිවේදනයක්

colombotoday

ඕමානයේ රැඳී සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

colombotoday

බොරැල්ලේදී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කෙරේ

colombotoday

රජයේ අමතර වියදම් වලට කෝටි 1904 ක් ඉල්ලයි

colombotoday

පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පුද්ගලයින් 237 අත්අඩංගුවේ

colombotoday

අන්තරේ කැඳවුම්කරු ඇතුළු සිව්දෙනා තවදුරටත් රිමාන්ඩ්

colombotoday