Colombo Today Local News

ඩීසල් මිල වැඩි වුනත් බස් ගාස්තු සංශෝධනයක් නෑ..

ඩීසල් අමිල වැඩිවුවද , බස් ගාස්තු සංශෝධනය නොකරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

ඩීසල් මිල ඉහළ යාමට සාපේක්ෂව බස් ගාස්තු වැඩි නොකරන බව ඔහු සදහන් කරයි.

ඊයේ (12)මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ දමා තිබේ.

ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක් ඉහළ දමා ඇත්තේ රුපියල් 15 කින් ය.

එහි නව මිල රුපියල් 430 කි.

ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 365 දක්වා ඉහළ ගියේ රුපියල් 25 ක මිල සංශෝධනයක් සමගයි.

ලංකා සුපිරි ඩීසල්, පෙට්‍රල් සහ කාර්මික භූමිතෙල් මිල ගණන් නොවෙනසන්ව පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළේ ය.

Related posts

“අලුත් ව්‍යවස්ථාවකට ආණ්ඩුවට ජනවරමක් නෑ“- අස්ගිරි ලේඛකාධිකාරී හිමියෝ අවධාරණය කරයි

colombotoday

පොහොට්ටුවේ ඡන්දය අයවැයට එරෙහිවයි… මහින්දත් සූදානම්…

colombotoday

22හැවරිදි තරුණියක ගෙල කපා මරා බොරු ලෙඩක් පෙන්නා රෝහල්ගත වෙලා

Admin

අල්ලස් කොමිෂමත් දුෂිත නම් කාට කියන්නද ? මෛත්‍රී ගුණරත්න අසයි

colombotoday

ජනපති දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවයි

Admin

කොටි මහවිරු දිනය මහ ඉහළන් සැමරීමට සූදානම්.. පොලීසිය සීරුවෙන් !

colombotoday