Colombo Today Local NewsUncategorized

අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

අධික වර්ෂාවත් සමග ඇති වූ ආපදාවන්ගෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛාව දෙලක්ෂ තිස් දහස් එකසිය අසුපහක් දක්වා ඉහළ ගොස් තිබේ.

ආරක්ෂිත ස්ථාන 80 ක රැඳී සිටින පිරිස 12,700 කට අධිකයි.

වර්ෂාව හා නායයෑම් හේතුවෙන් 26 මියගොස් ඇති අතර එක් අයෙකු තවදුරටත් අතුරුදන් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පූර්ණ නිවාස හානි 39 ක් වාර්තා වී ඇති අතර අර්ධ නිවාස හානි සංඛ්‍යාව 1390 ක් වාර්තා වී තිබේ.

වර්ෂාවෙන් බලපෑම් එල්ලවී ඇති දිස්ත්‍රික් සංඛ්‍යාව 17 කි.

පවතින අධික වැසි සමග ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නිකුත් කළ නායයාම් නිවේදනය අද පස්වරු 4 දක්වා දිර්ඝ කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා පවසයි.

මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමිටර් 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතෙත්, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

දිවයින හරහා විටින් විට පැයට කිලෝමිටර් 40-50 ක පමණ තද සුළං ද ඇතිවිය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් ය.

මේ අතර දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව නව අඩු පීඩන කලාපයක් හෙට දිනයේ ඇති වේ යැයි අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ පිළිබදව ධීවර හා නාවික ප්‍රජාව අවධානයෙන් සිටින යුතු වේ.

මේ හේතුවෙන් පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට රළු විය හැකි වේ.

එම මුහුදු ප්‍රදේශවල මුහුදු රළ විටින් විට මිටර් 2.5 – 3 ත් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තව සඳහන් කරයි.

Related posts

තොණ්ඩමන්ගේ නිවසක් ගිනිගනී

colombotoday

දවස් 40ට මරණ 12යි.. රෝගීන් 9,886යි.. ඩෙංගු අධි වංසගත තත්ත්වයක් !

colombotoday

කාසියේ වාසිය බංග්ලාදේශයට

Admin

මේක ඔිනැකමින් කල කූඨ වෑයමක්… ශ්‍රී ලංකාවේ රදවාගත් රුසියාවේ ගුවන් යානය ගැන හිටපු පොලිස් ඇමති සරත් වීරසේකර සිදුකල විශේෂ ප්‍රකාශය…

colombotoday

වෛද්‍ය සායනයක් මුවාවෙන් බදියුදීන් භික්ෂූන් වහන්සේලාට විෂ පොවන්න යයි !

colombotoday

සීවලී මහ රහතන් වහන්සේගේ රුව කැලැන්ඩරයට දැමූ කරවල කඩය පොලිසියෙන් වටලයි !

colombotoday