Colombo Today Local News

හෙරොයින් සන්තකයේ තබා ගත් ජාවාරම්කරු ජීවිතාන්තය තෙක් සිරගෙට

හෙරොයින් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද(1)දින ජීවිතාන්තය දක්වා සිර දඬුුවම් නියම කර තිබේ.

එම චෝදනාවට අමතරව හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කරණු ලැබු ඔහුට රැපියල් 25000 ක දඩයක් ද විනිසුරුවරයා නියම කර ඇත.

2016 ජූනි මස 29 වැනිදා මහාබාගේ ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 4යි ක් සමග එම විත්තිකරු අත්අඩංගුවට ගෙන තිබුණේ පොලිස් මත්ද්‍රව්‍යය නාශක කාර්යංශයයි.

පැමිණිල්ල විසින් විත්තිකරුට එරෙහිව නගා ඇති චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බව නිගමනය කළ විනිසුරුවරයා ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර ඇත.

Related posts

දුන් පොරොන්දු ඉටු කරන්න ජනාධිපතිට විතරක් බෑ

Admin

රිය අනතුරුවලින් දරුවෙකු ඇතුළු 5 දෙනෙකු මියයයි

colombotoday

ස්වාධීන කොමිෂන් සභා සඳහා අයැදුම්පත් කැඳවීම අද සිට

Admin

පෝට් සිටී සමග ඉදිරියට යන්න චීන ආයෝජකයිනි ලංකාවට එන්න – අගමැතිගෙන් චීන ආයෝජකයන්ට ඇරයුම්

colombotoday

පුවක් ගෙඩියත් 20ට නගී

colombotoday

මාවනැල්ලේ ගල් කොරියක පුපුරණ ද්‍රව්‍ය අතුරුදන්වීම අධීක්ෂණයට විශේෂ නිලධාරියෙක්

colombotoday