Colombo Today Local News

මොළය මැරුණු සිරුර හදවත් සැත්කමකට ගුවනින් කොළඹට රැගෙන එයි – වෙනත් ශරීරාංගත් බද්ධ කිරීම් වලට දෙයි

හදවත් සැත්කමක් සඳහා ශරීරාංග යොදා ගැනීමේ අරමුණින් හදිසි අනතුරකින් මොළය මියගිය පුද්ගලයකුගේ සිරුර බදුල්ල මහ රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත ගුවන් හමුදා බෙල් 412 යානයකින් ඊයේ (31)දින ප්‍රවාහනය කොට තිබේ.

පළමු වරට සිදුවූ මෙම සුවිශේෂී ගුවන් මෙහෙයුම ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ උපදෙස් මත ගුවන් හමුදාව සහ සෞඛ්‍ය අමාත්‍යංශය අතර ඇති කර ගන්නා ලද අවබෝධතා ගිවිසුමකට අනුව සිදු කොට ඇති බව වාර්තාවේ.

ගිලන් රථයක් ලෙස යොදා ගැනුණු මෙම හෙලිකොප්ටර් යානාව ගුවන් හමුදා අංක 04 හෙලිකොප්ටර් බළගණයට අයත් යානාවක් බවද ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ සඳහන් කරයි.

මොළය මියගිය මෙම පුද්ගලයාගේ ශරීර අවයව හදවත් සැත්කමට සේම වෙනත් ශරීරාංග බද්ධ කිරීම්වලට ලබාදීමට නියමිත බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටි.

Related posts

ධර්මාලෝකයේ හෙළදිව එකළුකළ මහින්දාගමනය

colombotoday

අවන්හලකට ගිය කොස්තාපල්ට පිරිසක් පහරදීලා

Admin

කපිතාන් අසේල ධර්මසිරි මුදලට විකිනුනු හැටි පාපොච්චාරණය කරයි – රහස් හඩපටය මෙන්න

colombotoday

හිමිනමට පිහි පෙන්වා කඩා වැදුණු තිදෙනෙක් විහාරස්ථානය කොල්ල කාලා

Admin

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් ආහාර වර්ජනයක

colombotoday

කොකේන් ගහන කැබිනට් ඇමතිලා ගැන රන්ජන් හෙළිකරයි…

colombotoday