Colombo Today Local News

තිළිණි ප්‍රියමාලී ට අයත් ගිණුම් හතරක සවිස්තර වාර්තා ඉල්ලයි

මොරටුව ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි හතරක් වංචා කිරීමේ සිද්ධියකට අදාළව තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලී නමැත්තිය ට අයත් පුද්ගලික බැංකු ගිණුම් හතරක සවිස්තර වාර්තා අධිකරණය වෙත ලබා දෙන ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එම පෞද්ගලික බැංකු කළමනාකරුවන් වෙත ඊයේ (10)දින නියෝගයක් නිකුත් කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෝසමක් මගින් කරනු ලැබූ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත.

ඩොලර් ලබා දෙන බව පවසමින් සැකකාර තිළිණි ප්‍රියමාලි යන අය මෙම පැමිණිලිකාර ව්‍යාපාරිකයාගෙන් අදාළ මුදල ලබාගෙන ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

එම මුදල බැංකු ගත කළ බව ව්‍යාපාරිකයන් සඳහන් කරන බැවින් අදාළ බැංකු වලින් වාර්තාගත වීමට අවශ්‍ය බවත් ඒ සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා තිබේ.

Related posts

සිංහරාජයේ අලි සහ ප්‍රදේශයේ ජනතාවගේ ජිවිත පිළිබඳ මට වගකියන්න බැහැ – සරත් ෆොන්සේකා

colombotoday

ජනපති නවක වදය නවත්වන්න පොලිස් පතිට බාර දෙයි

colombotoday

පරරාජසිංහම් ඝාතනයට සැකපිට පිල්ලෙයන් අත්අඩංගුවට ගනී.

colombotoday

සියලු පක්ෂ ලේකම්වරුන්ට මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

colombotoday

අලුත් ව්‍යවස්ථාවෙන් පොලිසිය කැබලි 10කට වෙන් වෙයි… උතුරේ පොලිසිය මෙහෙයවීම බෙදුම්වාදීන් අතට…

colombotoday

IMF කොන්දේසි පාර්ලිමේන්තුවට ලබාදෙන්න – විපක්ෂ නායක

Admin