Colombo Today Sports News

T20යේ දෙවන අවසන් පූර්ව තරගය අද

පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය අද රාත්‍රීයේ පැවැත්වීමට නියමිතයි.

ඒ, පාකිස්ථාන කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමගයි.

එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7.30ට ඩුබායි ජාත්‍යන්තර පිටියේදී පැවැත්වීමට නියමිතයි.

ප්‍රබල පාකිස්ථාන කණ්ඩායම මේ වන විට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ පන්දුවාර විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ දෙවන ස්ථානයේ පසු වේ.
එම ලැයිස්තුවේ 6 වැනි ස්ථානයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම රැදී සිටියි.

පාකිස්ථාන කණ්ඩායම මෙවර පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 5කට මුහුණ දී ඇති අතර, එම තරග 5ම ජය ගැනීම විශේෂත්වයකි.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම තරග 5කට මුහුණ දී ජය ගෙන ඇත්තේ තරග 4ක් පමණියි.

මෙවර පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට නවසීලන්ත කණ්ඩායමට හැකි විය.

ඒ එංගලන්ත කණ්ඩායම පරාජයට පත් කිරීමත් සමගයි.

Related posts

සුපිරි පිතිකරු විරාත් කෝලි ටෙස්ට් ක්‍රිකට් නායකත්වයෙන් ඉවත් වෙයි

colombotoday

සනත් ජයසූරියට වසර දෙකක තහනමක්

colombotoday

දඟ පන්දුයවන්නන් හමුවේ කොදෙවුවන් අසරණ වෙයි.. ශ්‍රී ලංකාවට ජයක්

colombotoday

භානුක රාජපක්ෂ කැපුනේ ඇයි – ඇමති නාමල් රාජපක්ෂ හේතු කියයි

colombotoday

ශ්‍රී ලංකාවට 267ක ඉලක්කයක්

Admin

මිල්කා ජපානයේදී රන් පදක්කමක් දිනයි

colombotoday