Colombo Today Local News

2023 අයවැය ඡන්ද විමසීම දෙසැම්බර් මස 08

2023 මූල්‍ය වර්ෂයට අදාළ අයවැය විවාදය සඳහා යෝජිත වැඩසටහන අග්‍රාමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ සඳහා අනුමැතිය හිමිව තිබේ.

අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම නොවැම්බර් මස 14 වනදා සිදුකිරීමට නියමිතය.

මේ අතර අයවැය දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් මස 15 වනදා සිට 22 වනදා දක්වා දින 07ක කාලයක් පැවැත්වෙනු ඇති.

එසේම අයවැය කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් මස 23 වනදා සිට දෙසැම්බර් මස 08 වනදා දක්වා දින 13ක කාලයක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

ඒ අනුව 2023 වසරේ අයවැය ඡන්ද විමසීම දෙසැම්බර් මස 08 වනදා පැවැත්වෙනු ඇති.

Related posts

ඉඩම් ලබා දීම අත්හිටුවයි.. හොරණ ටයර් කර්මාන්ත ශාලාවේ වැඩ නවතී

colombotoday

ඤාණසාර හිමිට මඩ ගහන්න ගිය ITN මාධ්‍යෙවේදියාට ඉදුරාගාරේ හිමි දුවන්න දෙයි

colombotoday

ඊයේ දින මෙරටින් කොවිඩ් ආසාදිතයින් 40ක් හදුනා ගනී

colombotoday

මහාචාර්ය කාලෝ රෝහල්ගත කරයි.. ඉහළම වෛද්‍ය කණ්ඩායමකින් දැඩි සත්කාර !

colombotoday

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මුල් පුටුව දුමින්ද සිල්වාට

colombotoday

පූගොඩ උසාවිය අසල පිපිරීමක්..

colombotoday